ගොවීන්ට රක්ෂණ මාසයක් – වගා හානියට හිමිවෙන රක්ෂණාවරණ මෙන්න

0
11

2026 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලුනූ, සෝයා බෝංචි, මිරිස් ඇතුළු සෑම බෝගයක් සඳහා නියඟය, ගංවතුර, වන අලි, කෘමි හානි, ගිනි හානි රෝග හා පලිබෝධවලින් සිදුවන සෑම හානියක් සඳහාම රක්ෂණ ආවරණ ලබාගත හැකිය. 

සුළු වාරික මුදලක් ගෙවා ලබාගන්නා රක්ෂණාවරණයන් ස්වභාවික හානි ඇතුළුව සිදුවන වගා හානි වෙනුවෙන් වන්දි  ලබාගත හැකිය.

කව්පි, මුං, උදු, කුරක්කන්, රටකජු, තල, කොල්ලු යන භෝග සඳහා අක්කරයකට රු.60,000/- ලබා ගැනීමට අදාළව ගෙවිය යුතු වාරික මුදල වන්නේ රක්ෂිත මුදලින්  7% කි.

මෙයට අමතරව බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස් රතුළුූණු, බටු, බණ්ඩක්කා, බෝංචි, මාලු මිරිස්, තක්කාලි, කරවිල, වට්ටක්කා යන බෝගයන් සඳහාද අක්කරයක් සඳහා රක්ෂිත මුදලින් 7% ක් ගෙවීම ප්‍රමාණවත් වේ.  

ඒ අනුව  බතල වගාවක  අක්කරයකට රු.100,000/- රක්ෂණ ආවරණ ලබා ගැනීම සඳහා සඳහා ගෙවිය යුතු රක්ෂණ වාරික මුදල රු.7000/- කි.

ඉඟුරු, කහ, කුරුදු, ගම්මිරිස්, අන්නාසි, පැපොල් හා  කෙසෙල් වගාවන් සඳහා ද ඉතාමත් සහනදායී රක්ෂණ වාරික යටතේ රක්ෂණ ආවරණ ලබාගැනීම සඳහාද ආකර්ෂණීය රක්ෂණ යෝජනා ක්‍රම කෘෂිරක්‍ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදී ඇති අතර එම යෝජනා ක්‍රම සඳහා දායකවී වගා හානි අවධානම ආවරණය කරගන්නා ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වගාකරුවන්ගෙන් ඉල්ලා සිටී.

අදාළ විස්තර කෘෂි රක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් හා දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාලවලින් ලබාගැනීමට හැකිය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here