ගෙවත්තේ ඇති අත්බෙහෙත්..

0
22


අමුකහ

ප්‍රබල විෂබීජ නාශකයළ්. හමේ රෝග සඳහා තම්බා හම සේදීම මඟින් තුවාල වේලෙනවා. එසේම තැල්මට අමුකහ, බැලතණ, පොල් සමඟ කොටා බඳින්න.

ලුණුවිල

හමේ රෝග සඳහා ගුණදායකයි . එසේම මතක ශක්තිය වැඩිකරයි. කුඩා දරුවන්ගේ හමේ රෝග සඳහා තම්බා බීම සහ සේදීම භාවිතා කරයි.

දෙහි

වමනයට. අජීර්ණයට,උදරාබාධ වලට දෙහි ඇඹුලින් මිරිකාගෙන පානය කිරීමෙන් වේදනාවන් නැති වෙනවා. එසේම ප්‍රබල විෂබීජ නාශකයක් වේ.

සුදුහඳුන්

ඇඟ නිවීමටත් ගර්භාෂයේ උෂ්ණාධික රෝග සඳහාද තම්බා පානය කරන්න.

ආඩතෝඩ

ශාරිරික වේදනාවන්ට මෙන්ම සෙමටද තම්බා බොන්න. සියලුම වාත රෝග සඳහා ගුණදායකයි.

එළබටු

සෙම් රෝගවලට ගුණදායකයි.

කටුවැල්බටු

සියලුම සෙම් රෝග සඳහා එළබටු මුල්, වියලි ඉඟුරු , පත්පාඩගම් , තිප්පිලි සමඟ තම්බා බීමට ගන්නවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here