ගුවනේදී මුදල් සොරකම් කළ චීන ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

0
11


තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන්ගත් ගුවන් මගියෙකුගේ අත්බෑගය තුළ වූ දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරාගත් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම් කළ මුදලින් කොටසක් ද සමගින්.

ශ්‍රී ලංකාවේ සහ අමෙරිකාවේ ද්විත්ව පුපුරවැසිභාවය හිමි 71 හැවිරිදි වැලිසර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිය ඥාතීන් බැලීම සදහා දිවයිනට පැමිණ තිබෙනවා. 

ඔහු සිය ගමන් මල්ල, ගුවන් යානයෙහි ගමන් මලු රාක්කයේ තබා, නිදාගෙන පැමිණ ඇති අතර සැකකාර චීන ජාතිකයන් දෙදෙනා, එම ගමන් මල්ල තුළ වූ අමෙරිකානු ඩොලර් 2,000ක් සහ ශ්‍රී ලංකා රුපියල් 60,000ක් සොරා ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එම සොරකම දුටු ගුවන් මගීන් ඒ පිළිබද ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරිමට පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව චීන ජාතිකයන් දෙදෙනා පළමුව භාරදී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් වෙතයි. 

ඉන් අනතුරුව සැකකාර චීන ජාතිකයන් දෙදෙනො කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here