දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
ඒ අනුව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට ගුරු සේවයට අයදුම් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම හෙට (05) පෙ.ව. 09.00ට විවෘත වන අතර, එය පෙබරවාරි මස 19 වන දින ප.ව. 09.00 දක්වා විවෘතව පවතී.
මේ අතර, රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම ද අයදුම්පත් කැඳවා තිබේ.
එම අයදුම්පත් ද මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් පෙබරවාරි මස 20 වන දින උදේ 9ට විවෘත වන අතර, එය මාර්තු මස 5 වන දින උදෑසන 9ට අවසන් වේ.
අදාළ ගැසට් නිවේදන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ “Our Services” යටතේ ඇති “Online Applications – Recruitment Exams/ E.B. Exams” ඔස්සේ පළ කර ඇත.
අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණක් බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.
අදාළ ගැසට් නිවේදන දෙකම පහතින් දැක්වේ.
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ගුරු සේවයට by poornima
රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම by poornima
Saru News








