ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

0
12

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව ඇසුරින් සකස් කෙරුණු “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය කිරීමට එහි නිෂ්පාදකයින් සූදානම් වන බව අපි මීට පෙර පුවතකින් සඳහන් කළෙමු.

එසේ නිර්මාණය කිරීමට නියමිත “ගින්නෙන් උපන් සීතල 2” චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු සඳහා ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙකු සහභාගී කරගැනීමට සූදානමක් ද පවතින බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහාය මීට ලබාගැනීම සඳහා ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ නිෂ්පාදිකාව වූ චමත්කා පීරිස්ගේ පියා වන කෝටිපති ව්‍යාපාරික ජයලත් පීරිස් මහතා මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

“ගින්නෙන් උපන් සීතල 2” චිත්‍රපටයේ මුහුරත් උළෙල ද නුදුරේදීම පැවැත්වීමට නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.

සබැඳි පුවත් –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here