ගිනස් නොබෙල් අවුලට හඳුන් කණගාටුවෙන්

0
3

ගිනස් වාර්තාවක් වෙනුවට නොබෙල් තෑග්ගක් මැයෙන් තමා අතින් වූ අත්වැරදීම විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතාම බංකොලොත් සංවාදයක් බවට පත්කරගෙන ඇති බවත් තමා ඒ පිළිබඳව කණගාටු වන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේ සිය නිල ෆේස්බුක් පිටුවට සටහනක් එක්කරමිනි. එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

“ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්ල ජපානයේ පැවති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදීිගිනස් වාර්තාවක්’ යන්න වෙනුවටිනොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කණගාටු වෙමි.

මේ වනවිට මා වෙතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන සහිත සංවාදයක් මතු වී තිබේග විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතා මතුකරන මෙම බංකොලොත් සංවාදය පිළිබඳවද කණගාටු වෙමි..

මේ අතර තමා අතින් වූ අත්වැරදීම නිවැරදි කිරීම උදෙසා අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පිටුවට වීඩියෝවක් ද එක්කර තිබුණි.

්අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ මීට ඉහත ප්‍රකාශ කළේල ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here