ගෑස් හිඟය, හාල් හිඟය ජනතාවටත් පුරුදුයි. ඒවා සුළු ප්‍රශ්න – හිටපු කථානායක රන්වල

0
14

ගෑස් බෙදාහැරීමේ දෛනික ක්‍රියාවලිය තුළ සුළු සුළු ප්‍රශ්න ඇතිවීම ස්වභාවික බවත් එවන් ප්‍රශ්නයක් හෝ තිබුණේ නම් මේ වනවිට එය ද විසඳා ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කථානායක අශෝක රන්වල මහතා පවසයි.

“අඛණ්ඩව සහ අවිච්ඡින්නව ගෑස් ගෙන්වන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තුළ යම්කිසි විදියකට පොඩි බෙදාහැරීමේ පමාවක් සිද්ධ වෙන්න පුළුවන්, ඒ වෙලාවට හිඟ වෙන්න පුළුවන්. ඒ වගේම හාල් බෙදාහැරීමේ පමාවක් වෙන්න පුළුවන්, හාල් හිඟ වෙන්න පුළුවන්. ඒවා මේ රටේ ජනතාවටත් පුරුදු දෛනික ක්‍රියාවලියක්. හැබැයි මෙවැනි සුළු ප්‍රශ්නයක් අරගෙන අද රටපුරා ලොකූ මතයක් හදන්න පුළුවන් ගෑස් නෑ, ගෑස් නෑ කියලා. අපි විශ්වාස කරනවා එහෙම හිඟයක් තිබුණා නම් ඒකත් තව දින කිහිපයක් යනකොට යථා තත්වයට පත්වෙලා යනවායි කියලා. අපිත් ගෑස් පාවිච්චි කරන මිනිස්සු. ඉතින් අපිත් ගෑස් හොයාගන්නවා. ඒ සම්බන්ධව අඩුවක් තිබුණා, දැන් වෙනකොට ඒක යථා තත්වයට පත්වෙලා තියෙනවා”

අශෝක රන්වල මහතා මේ බව පැවසුවේ ඊයේ (20) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

The post ගෑස් හිඟය, හාල් හිඟය ජනතාවටත් පුරුදුයි. ඒවා සුළු ප්‍රශ්න – හිටපු කථානායක රන්වල appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here