රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ ඊයේ (11) අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරලී සිදු වූ දරුණු අනතුරින් එහි ගමන් ගත් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.
මෙම අනතුරින් තුවාල ලැබූ 35ක ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
එලෙස තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රියේ රෝහල් වෙත ගොස් තිබෙනවා.
අග්‍රාමාත්‍යවරිය ගම්පොළ සහ පේරාදෙණිය රෝහල් වෙත ගොස් එම රෝහල්වල ප්‍රතිකාර ලබන අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
එහිදී දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතා පිළිබඳව මෙන්ම සියලු රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සොයාබලා තිබෙනවා.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකසහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ද එක්ව සිටියා.
Saru FM Media