ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

0
4

සටහන – රුවන් නෙළුගොල්ල

ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ආණ්ඩුවට එල්ල වී නොමැති බවත් මීට පෙරත් මේ ආකාරයෙන් ගල් අඟුරු තොග ප්‍රතික්ෂේප වී ඇති බවත් වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳ කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ඇවිල්ලා තියෙන්නෙ, ඩොලර් මිලියන 2ක දඩ ගහලා තියෙනවා. නැව් දෙකක මේ ප්‍රශ්නය තිබුණෙ. මීට කලිනුත් මේ වගේ නැව් 7ක් 2014 ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. තැන් තැන්වල කියව කියවා යන්නෙ නැතිව උසාවි ගිහිල්ලා නඩුවක් දාන්න”

“විපක්ෂය අපිට මේ රට සුඛිත මුදිත කරලා, භාණ්ඩාගාරය පුරවලා, පාරේ යනකොටත් සල්ලි රුපියල් කොළ මිටි ඇහිඳන් යන්න පුළුවන් ගාණට අපිට බාරදුන්නා වගේ තමා කතාව. හැබැයි බංකොලොත් රටක් අපි බාරගත්තෙ. දැන් නාමල් රාජපක්ෂට සීඅයිඩී එන්න කියපුවාම මොකද නාමල් රාජපක්ෂගෙ නාඩි බලන්නද සීඅයිඩී එකට එන්න කියන්නෙ ? නෑ … අම්මලා, පුතාලා, තාත්තලා, බාප්පලා, මහප්පලා ඔක්කොම එකතුවෙලා මේ රටේ මහජන ධනය කොල්ලකාලා, මිනිස්සු පැරැද්දුවා. දැන් නඩු අහන්න පටන් අරන් තියෙනවා. නාමල්ලාත් දැන් ඔන් ද වේ ඉන්නෙ. ඒ හින්දා කට්ටි පනින්නෙ නැතිව හරියට ගිහිල්ලා සාක්කි දුන්නාම උසාවියෙදී ගනුදෙනුව බේරලා දෙයි. ඒකට බයේ තමයි නාමලුත් ඔය කෙඳිරි ගාන්නෙ”

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here