නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක ප්‍රමාණයක් හදිසි මිලදී ගැනීමට ලංකා ගල්අඟුරු සමාගම ටෙන්ඩර් කැඳවා තිබේ.
ඊට අදාළ නිල දැන්වීම එම සමාගමේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙන අතර එහි සඳහන් වන්නේ 2026 මාර්තු – අප්‍රේල් කාලසීමාව සඳහා හදිසි ගල්අඟුරු මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබියදී ලංකා ගල්අඟුරු සමාගම මෙලෙස හදිසි ගල්අඟුරු මිලදී ගැනීමක් සඳහා දැන්වීම් පළ කර තිබේ.
ලංකා ගල්අඟුරු සමාගමේ නිල වෙබ් අඩවියේ මෙම දැන්වීම පළ කර ඇත්තේ පෙබරවාරි 25 වැනිදාය.
ඊට අනුව 2026 මාර්තු – අප්‍රේල් කාලසීමාව සඳහා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමට අපේක්ෂිතයි.
Saru News















