වයස්ගත වීමත් සමගම කාන්තාවන් මුහුණ දෙන තත්ත්වයක් ලෙස ගර්භාෂය පහත් වීම හඳුන්වා දිය හැකියි. මේ ලිපිය හරහා අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ගර්භාෂය පහත් වීම, එයට හේතු මෙන්ම ඒ සඳහා වූ භෞත චිකිත්සක ප්‍රතිකාර පිළිබඳව කාන්තා ඔබව දැනුවත් කිරීමටයි.
ගර්භාෂය පහත්වීමට හේතුව කුමත්ද?
ශ්‍රෝණි පත්ලේ මාංශ පේශීන් සහ පටක දුර්වල වීම නිසා ගර්භාෂයේ පිහිටීම අස්ථායි වීම හේතු කොටගෙන යෝනි මාර්ගයේ බිත්ති තුලින් ගර්භාෂය පහළට නෙරා ඒම ගර්භාෂය පහත් වීමට හේතුව ලෙස දැක්විය හැතියි. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී Uterine prolapse ලෙස හඳුන්වන අතරම එය සුළු තත්ත්වයක සිට තීව‍්‍ර තත්ත්වය දක්වා වර්ගීකරණය කිරීම සිදු කෙරෙනවා.
මෙසේ ගර්භාෂය පහත්වීමට හේතු විය හැකි අවස්ථා ලෙස
ගර්භාෂය පහත් වීම නිසා කාන්තාවකට,
ඇතැම් විට ඉහත කී ලක්‍ෂණ මුල් අවස්ථාවේම ඇති විය නොහැකි අතරම තත්ත්වය ක‍්‍රමයෙන් තීව‍්‍ර වීමත් සමග ඉහත ලක්ෂණ පෙන්නුම් කළ හැක.
මෙම තත්ත්වය මූලික අවස්ථාවේ හඳුනාගත හොත් භෞතචිකිත්සක ප‍්‍රතිකාර හමුවේ මෙයට සුදුසු ප‍්‍රතිකාර ක්‍රම ඇති අතරම රෝගී තක්සේරුවකින් (patient assessment) අනතුරුව ප‍්‍රතිකාර ආරම්භ කිරීම සිදුරයි.
ගර්භාෂය පහත් වීම සඳහා වූ භෞත චිකිත්ක ප‍්‍රතිකාර ක‍්‍රම
ගැබිනි සමයේදීත් ප්‍රසූතියෙන් පසුවත් එතැන් පටන් ජීවිත කාලය පුරාවටම විශේෂයෙන්ම කාන්තාවකට වැදගත් වන ව්‍යායාමයක් විදියට කේගල් ව්‍යායාමය හඳුන්වන්න පුළුවන්. කේගල් ව්‍යායාමය මුත්‍රාශය යෝනි මාර්ග වගේම ගුද මාර්ගය ආශ්‍රිත මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාමයක්. විශේෂයෙන්ම ප්‍රසූතියෙන් පසුව යෝනි මාර්ග ආශ්‍රිත තුවාල ඉක්මනින් සුව වෙන්නත් මේ කේගල් ව්‍යායාමය වැදගත් වෙනවා. නමුත් මෙවැනි රෝග තත්ත්ව බහුලව ඇති වන්නේ කාන්තාවන්ට නිසා කේගල් ව්‍යායාමයට බහුලව යොමු වෙන්නෙ කාන්තාවන් කිව්වොත් වරදක් නැහැ.
කේගල් ව්‍යායාමයේදී සිදුවන්නේ යෝනි මාර්ගය අකුලා උඩට ඔසවා තත්ත්පර 8ක් වැනි කාලයක් රඳවා ගැනීමයි. එහිදී සෑම වාරයකට වරක්ම විවේක කාලයක් ලබාගැනීම අනිවාර්ය වේ. ව්‍යායාමය දිනකට තුන්වරක් වරකට 10වරක් ලෙස සිදුකළ යුතුයි. එසේම මෙම ව්‍යායාමය කාලය අඩු කරමින් (තත්ත්පර 3ක් වැනි කාලයකින්) ක්ෂණිකව කිරීමට හුරු විය යුතුයි.
Biofeedback (ජෛව ප්‍රතිපෝෂණය) යනු යෝනි මාර්ගය ආශ්‍රිත මාංශ පේෂීන්ගේ අවබෝධයක් ලබා ගැනීම සඳහා භාවිත කරන ක්‍රමවේදයකි. මේ සමගම ව්‍යායාමවල යෙදීමෙන් මේ තත්ත්වය වඩාත් සුව කරගත හැක.
ලිංගික සංසර්ගයේදී කාන්තාවට වේදනාවක් හෝ පීඩනයක් නොදැනෙන පරිදි භාවිත කළ යුතු ලිංගික ඉරියව් පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදු වේ.
ගර්භාෂය පහත්වීම ඇති වූ මුල්ම අවධියේ සිටම භෞතචිකිත්සක ප‍්‍රතිකර්ම වෙත යොමු වන්නේ නම් සැත්කමකින් තොරව මෙය සුව කරගත හැකි බව අමතක නොකරන්න.
කසුනි එදිරිසිංහ මහත්මිය
ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරිනි,කාසල් වීදිය කාන්තා රෝහල,කොළඹ 08
Saru FM Media