ගමේ කෑම ගමේ රහට – කොහිල අල සම්බෝලේ

0
6

අවශ්‍ය දේවල්:

  • ළපටි කොහිල අල
  • ගා ගත් පොල්
  • රට ලූණු
  • අමුමිරිස්
  • දෙහි යුෂ
  • ලූණු
  • අඹරා ගත් අබ
  • ගම්මිරිස් කුඩු
  • උම්බලකඩ

සාදා ගන්නා ආකාරය:

කොහිල අල පිරිසිදු කර හොඳින් සෝදා හීනියට ලියා ගන්න.

පසුව ලියා ගත් කොහිල වාෂ්පෙන් තම්බා ගන්න.

ලූණු හා අමුමිරිස් සිහින්ව ලියා ගන්න.

පසුව ලියා ගත් ලූණු, අමුමිරිස්, උම්බලකඩ හා ගා ගත් පොල් කොහිල වලට එකතු කරන්න.

ඉන්පසු රස අනුව ගම්මිරිස් කුඩු, අඹරා ගත් අබ, ලුණු සහ දෙහි යුෂ එකතු කර හොඳින් අනා ගන්න.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here