ගමේ කෑම ගමේ රහට- කළු පොල් සම්බෝලය.

0
4

අවශ්‍ය දේවල්:

 

  • ගා ගත් පොල් (පොල් බෑයක පමණ පොල්)
  • රතු ලූණු ගෙඩි 7-8ක් පමණ
  • සුදුලූණු බික් 1ක්
  • අමු මිරිස් කරලක් හෝ කොච්චි (අවශ්‍ය පරිදි)
  • කෑලි මිරිස් මේස හැදි 1 ½ ක් පමණ
  • ගම්මිරිස් ඇට 3-4ක්
  • උම්බලකඩ කුඩු හෝ කෑලි (අවශ්‍ය පරිදි)
  • දෙහි යුෂ (රස අනුව)
  • ලුණු (රස අනුව)

 

සාදා ගන්නා ආකාරය

මුලින්ම පෑන් එකක් ලිප තබා එයට ගා ගත් පොල් ටික දා ගෙන තද දුඹුරු පාට වන තුරු කබලේ බැද ගන්න.

පසුව ගම්මිරිස් ඇට, උම්බලකඩ ටික හා සුදුලූණු වංගෙඩියට දමා ගෙන හොඳින් කොටා ගන්න.

දැන් එයටම රතු ලූණු, අමු මිරිස් / කොච්චි හා කෑලි මිරිස් දමා ගෙන හොඳින් කොටා ගන්න.

ඉන් පසුව එයට කබලේ බැද ගත් පොල් ටික එකතු කර ගෙන හොඳින් කොටා ගෙන සුදුසු බදුනකට දමා ගන්න.

ඊට පසුව රස අනුව ලුණු හා දෙහි යුෂ එකතු කර ගෙන හොඳින් අනා ගන්න..

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here