ගම්මන්පිල වාර්තාවක් තැබීමට සූදානමින් !

0
15


නීතිඥවරයකු ලෙස දිවුරුම් දී සිටිය ද, මෙතෙක් කාලයක් අධිකරණයක් ඉදිරියේ එම වෘත්තීයභාවය ප්‍රකට නොකර   සිටි උදය ගම්මන්පිල පිල්ලෙයාන්ගේ නීතිඥවරයා ලෙස කටයුතු කිරීමට තෝරාගෙන සිටීම සම්බන්ධයෙන් දේශපාලන ක්‍ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී තිබේ.

රැඳවුම් නියෝග මත බන්ධනාගාරගත කර සිටින පිල්ලෙයාන් හමු වීමට රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයන් රැසක් පෙළගැසී සිටිය ද, එම සියලු ප්‍රයත්න අසාර්ථක වීමෙන් පසුව උදය ගම්මන්පිල පිල්ලෙයාන්ගේ නීතිඥවරයා ලෙස ඔහුව හමු වීමට උත්සාහ කරමින් සිටී. රැඳවුම් නියෝග මත බන්ධනාගාරගත කර සිටින අයකු වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥයකු හට ඔහුගේ සේවාදායකයන් හමු වීමට අවස්ථාව පවතී.

එම නෛතික ප්‍රතිපාදන අනුව උදය ගම්මන්පිල වැනි පුද්ගලයකු ක්‍රියා කිරීම සම්බන්ධයෙන් බරපතළ සැක සංකා මතු වී තිබේ. මෙතෙක් කල් කිසිදු සේවාදායකයකු වෙනුවෙන් ඉදිරිපත් නොවූ උදය ගම්මන්පිල පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් ද සැලැකිය යුතු තරම් මැදිහත් වීමකින් විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින පුද්ගලයකු වීම විශේෂත්වයකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here