ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

0
11


කිලෝ ග්‍රෑම් 200ක් බරැති කේරළ ගංජා තොගයක්, මාළු ප්‍රවාහනය කරන අධිශීතකරණ ලොරියක සඟවා ගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, නාවික හමුදාව සමග දුන්ගාල්පිටිය පොලිසිය එක්ව මීගමුව පිටිපන ලෙල්ලම අසළ සිදු කළ මෙහෙයුමකදීයි. 

නාවික හමුදාව වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම වැටලීම සිදු කර තිබෙනවා. 

ධීවර බෝට්ටු මගින්, මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන්නට ඇතැයි සැක කෙරෙන මෙම කේරළ ගංජා තොගය පැකට් 91ක් ලෙස සකස් කර ඒවා ගෝනි 05ක අසුරා පමුණුගම සිට මීගමුව දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී මෙම වැටලීම සිදු කළ බවයි වාර්තා වන්නේ. 

එලෙස අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි එම ලොරි රථයේ රියැදුරු සහ 42 හැවිරිදි ලොරි රථයේ සහායකවරයායි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here