රාගම ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Saru News










