කෝසලගේ පුටුව සමන්තට ?

0
17


ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් ඇති වූ මන්ත්‍රී පුරප්පාඩුව සඳහා සමන්ත රණසිංහ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ජාතික ජන බලවේග කෑගලු දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබා සිටින්නේ ඔහුයි.

පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද 41306ක් ලබාගත් එතුමා වෘත්තියෙන් විදුහල්පතිවරයෙක් .

කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වීමෙන් කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් නීතිඥ වමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවට අද(7) දැනුම් දී තිබෙනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here