කොළඹ නගරසභාවේ අයවැය යෝජනා ක්‍රියාත්මකයි… ආදාහනය, භූමදානය නොමිලේ… – Saru News | සිංහල

0
13

කොළඹ නගර සභාවේ පසුගියදා සම්මත කර ගත් 2026 අයැවැය යෝජනා ක්‍රියාත්මක කරමින් කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචිකරුවන්ගෙන් අය කරන ආදාහන සහ භූමදාන ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මහ නගර සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

සභිකයන් විසින් සිදු කළ අදහස්වලට අනුව නගරාධිපතිනිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ විවාදය පැවැත්වූ අතර එහිදී මෙම යෝජනාවට සියලුම දෙනාගේ කැමැත්ත පළවිය.

මේ අනුව, කොළඹ මහ නගර සභාව මගින් සේවා සපයනු ලබන, කොළඹ මහ නගර සභා සීමාවේ සේවාලාභී පදිංචිකරුවන්ට බොරැල්ල, ජාවත්ත, මාදම්පිටිය සහ කිරුළපන යන සුසාන භූමිවල, කොළඹ මහ නගර සභාව විසින් පාලනය කරන කොටස් සඳහා ආදාහන සහ භූමදාන සඳහා අය කරන ගාස්තු සම්පූර්ණයෙන් ම නිදහස් වේ.

මෙතෙක් ගාස්තු වශයෙන් රුපියල් දසදහසක මුදලක් අය කර තිබූ අතර මේ නිසා අඩු ආදයම්ලාභීන් දැඩි පීඩාවකට පත්ව සිටි බවද පක්ෂ විපක්ෂ සභිකයන් අදහස් දක්වමින් සඳහන් කළේ ය.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here