කොළඹට ජල කප්පාදුවක්!

0
5


රෂිකා හෙන්නායක මැයි 25, කොළඹ LNW :

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් අද කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පෙරවරු 08 සිට රාත්‍රී 08 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, කොළඹ 01 සිට 15 දක්වා, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here