දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි ගැහැනු ළමයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අදාළ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් බව සඳහන්ය.
ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා යොදා ගත් රිවෝල්වර් වර්ගයේ ගිනිඅවිය දෙහිවල ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයා ගෙන තිබේ.
දෙහිවල වනරතන ක්වාටස් ක්‍රීඩාංගණය අසලදී පසුගිය සැප්තැම්බර් මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුන් දෙදෙනෙකුගෙන් කෙනෙකු ලෙසද මොහු කටයුතු කර ඇති බව පොලීසිය පැවසුවේය.
මෙම වෙඩි තැබීම දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවරම් කරුවෙකුගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බව මූලික විමර්හනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.
සැකකරු ගස්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ වෙත අද (24) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Saru News










