මෙලොව උපන් සෑම දරුවකුගේම මුල්ම අහාරය මව්කිරි. මව් කිරි දරුවාට දෙන්නේ දරුවාගේ වර්ධන අවශ්‍යතාවයන් සියල්ල ඒ තුල අඩංගු නිසයි. ඒ නිසාම මුල් මාස 6 දරුවාට වෙනත් ආහාර අවශ්‍ය නොවේ. ඒ, මව්කිරි වල දරුවාගේ වර්ධනයට, රෝග වලින් ආරක්‍ෂාවට, මනෝ සමාජීය සංවර්ධනයට ඒ කියන්නේ ජීවිතයකට අවශ්‍ය සියලුම අවශ්‍යතාවයන් සමගම ආදරය, කරුණාවත් මුසු වී ඇති නිසයි. මව්කිරි බොන මව් ඇකය තරම් ආරක්‍ෂිත තැනක් දරුවෙකුට තවත් නැත. මෙවන් වූ සියලු අවශ්‍යතා මව්කිරි වලින් සපිරුණු දරුවා වැඩෙත්ම එයාගේ ක‍්‍රියාවලි වන ශක්ති ප‍්‍රමාණයන් වැඩි වන විට මව්කිරි පමණක් ප්‍රමාණවත් නොවන අතරම එසේ වැඩිපුර අවශ්‍ය වන ශක්ති ප‍්‍රමාණයන් පියවීමට මාස 6 සම්පූර්ණ වූ විගස අමතර ආහාර ආරම්භ කරයි.
අමතර ආහාර යනු මව්කිරි වලින් නොසපිරෙන අවශ්‍යතා සඳහා අමතරව ලබාදෙන පෝෂකාංග සපිරි ආහාරයි. මේ පෝෂකාංග සපිරි ආහාර,
යන කොටස් තුනෙන් සමන්විත ආහාරයි.
අපි අහාර තෝරාගැනීමේදී මේ පෝෂණ අවශ්‍යතා සපිරෙන ලෙසින් ආහාර සකස් කළ යුතුයි. මීට අමතරව කුඩා ප‍්‍රමාණයකින් ආහාර ලබා දීමේදී ගුණාත්මක බව වැඩි ආහාර වර්ග තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය.
එහිදී,
කොස්, දෙල්, මඤ්ඤොක්කා අමතර ආහාර පටන් ගැනීමේදී ලබා දීම සුදුසුද?
කොස්, දෙල්, මඤ්ඤොක්කා යනු පිෂ්ඨය වැඩි ප‍්‍රමාණයක් ඇති ආහාර වර්ගයි. ආසාත්මිකතා නැතිනම් වැඩි ශක්තියක් අවශ්‍ය දරුවන්ට මේ ආහාර වර්ග කුඩා කාලයේ සිටම ලබා දීමට හැකියි. එමගින් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයද සපිරෙනු ඇත. අමතර ආහාර අරඹා මසක් පමණ යන විට රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ඕනැම ආහාරයක් ලුණු, සීනි නොමැති ව ඕනෑම ආහාරයක් දරුවන්ට දිය හැකියි.
මේ නිසා මාස 7, 8 වන විට මේ ආහාර දරුවන්ට ලබාදිය හැකියි. ඒ ප‍්‍රධාන ආහාර වේල සමග හෝ අමතර ආහාර වේලක් ලෙසයි.
මඤ්ඤොක්කා/කොස්/දෙල් ප‍්‍රධාන ආහාරයට එකතු කරන්නේ නම් බත් සමග එකතු කර සාදා ගත හැකි අතරම කෙටි ආහාර වේලක් ලෙස දෙන්නේ නම්,
කොස්, දෙල්, මඤ්ඤොක්කා වැනි මේ ආහාර වල පිටි වලට අමතරව කෙඳි යම් ප‍්‍රමාණයක් අඩංගු නිසා ආහාරයේ ජීර්ණ ක‍්‍රියාවලියට ද පහසුවක් එක් කරයි.
වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී තත්ත්ව හමුවේ දරුවන්ගේ ආහාර වේල් පිළිබඳව සැලකිලිමත් වීමේදී ගෙවත්තෙන් සපයා ගත හැකි ආහාර කෑම වේලට එකතු කිරීම තුලින් ආර්ථික වශයෙන්ද සහනයක් ලබාගත හැකිවා සේම එහි පෝෂණීය අගය වැඩි දියුණු කිරීම සඳහා එළවළු, පලා වර්ග එකතු කර පොල්, පොල් කිරි හෝ පොල්තෙල් එකතු කිරීම කල හැකියි.
ප‍්‍රධාන වේල සඳහා බත් පමණක්ම ලබා දිය යුතු නැති වන අතරම බත් සමග මිශ‍්‍ර කරගැනීමෙන් ආහාර වේලේ පෝෂණ ගුණය මෙන්ම රසවත්භාවයත් ආකර්ශණීය බවත් ලෙසින් විවිධ ලෙස සකස් කරගැනීමට හැකිය.
එසේම කොස්, දෙල්, මඤ්ඤොක්කා වැනි දේ යොදා ගනිමින් ආහාර ස්නැක් ලෙස සකස් කර ගැනීමට ද හැකියාව ඇත. කට්ලට්, පැටිස් වැනි ආහාර සඳහා පිරවුමක් ලෙසට භාවිත කිරීමට ඇති හැකියාවත් ආහාර රුචිය ඉහළ දැමීමට හේතුවක් වනවා මෙන්ම ආහාරයේ විවිධත්වය ලෙසින්ද විශේෂිත බවක් පෙන්නුම් කරයි. එසේම කොස්, දෙල්, මඤ්ඤොක්කා යනු පහසුවෙන් පිස ගැනීමට ඇති හැකියාව නිසා දරුවන්ට සකස් කර දීමද පහසු වේ.
අතීතයේ අපේ රටේ ප‍්‍රධාන ආහාර ලෙසින් සලකා ඇති මෙම කොස්, දෙල්, මඤ්ඤොක්කා වැනි ආහාර අපේ දරුවනටද ඒ අයුරින් ලබාදීමට උත්සුක වීම තුලින් දරුවන්ගේ ශක්ති අවශ්‍යතා පරිපූර්ණ කිරීමට හැකියාව ලැබේ. නැවුම් ලෙසින් පිළියෙල කරගැනීමට ඇති හැකියාව නිසා ආහාරයේ රසවත් බව වැඩි වේ.
කොස්, දෙල්, මඤ්ඤොක්කා වැනි ආහාර වතුරෙන් තැම්බීමට මෙන්ම හුමාලයෙන් තැම්බීම ද කල හැකි හෙයින් බත් පිසින අතරම වුවද සකස් කරගත හැකිවීමත් කිරිබත්, පිට්ටු, රොටී, හැලප, වණ්ඩු මෙන්ම කේක්, කොකිස් වැනි ආහාර සදහා වුවද යොදා ගැනීමට හැකි වීම තුලින් දරුවන්ගේ ආහාරයට විවිධත්වයක් එක්කල හැකි වේ.
සෑම විටම දරුවන්ගේ ආහාර රුචිකත්වය වැඩි කිරීම සඳහා ආහාර වර්ගය, පෙනුම, පැහැය, රසය වගේම ගුණාත්මකභාවය වැඩි කල යුතු හෙයින් මෙවැනි විවිධත්වයෙන් යුතු ආහාර දරුවාගේ ආහාරයට එක් කිරීම පෝෂණ අගය වගේම ආර්ථිකයටද පහසුවක් වනු ඇත.
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල
Saru FM Media