කොස්සකින් ගහලා මව මරලා – පුතා අත්අඩංගුවට

0
14


පුතා විසින් කොස්සකින් පහරදී සිය මව ඝාතනය කළ පුවතක් වාලච්චේන පොලිස් වසමේ කේණිනගර්, නාවල්අඩි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (06) උදෑසන කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

මව සහ පුත්‍රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව 72 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 42ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.

වාලච්චේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here