කොමිස් පාරාදීසයක් ගැන විපක්ෂනායකවරයාගෙන් ඔත්තුවක්! බලමු කොමිස්කාරයෝ ටික අල්ලයිද එහෙමත් නැත්නම් මාලිමා ආණ්ඩුව කොමිසකාරයන්ට යටවෙයිද කියලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
9


අද වන විට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව නිසා රටම අනාථ වී ජනතාව අතරමං වී ඇති බවත් අධික ජිවන බර නිසා ජීවන මිල ඉහළ යාම නිසා බඩු මිල ඉහළ යෑම තුළ දශලක්ෂ සංඛ්‍යාත ජනතාව ජිවත් වෙන්න බැරිව අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා වූ අවස්ථාවක් බවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවට එදිනෙදා වේල් 3 පිරිමහ ගන්න නොහැකිව බඩු මිල අහස උසට නැග ඇති බවත් හාල්, කිරිපිටි, පොල් මිල ඉහළ ගොස් රටට ලුනු ටිකවත් හරියට දී ගන්න බැරි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අද වන විට ජනතාවගේ ගැටලුවලට උත්තර විසඳුම් නොමැති වුවත් එදා වේදිකා ගානේ ගොවියා රකිනවා යැයි පැවසූ නමුත් තවම පොහොර සහනාධාරය නොලැබ ඇති බවත් මේ වන විට පොහොර හිගයක් පවා ඇතිව තිබෙන බවත් මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියා කිව්වත් අද එම ගොවියාට හොඳ පොහොර නොමැති බවත් කෘෂි උපකරණවල මිල පවා ඉහළ ගොස් ඇති බවත් තෙල් පොහොර පවා නොමැති බවත් වගාහානියට දේපල හානියට ජීවිත හානියට වන්දි පවා නොලැබ ඇති බවත් ගොවියා රකිනවා කියූ මේ රජය අද වන විට රටේම ගොවිතැනත් ගොවි ජනතාවත් විනාශ කරන රජයක් බිහිව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බටහිර අනුරාධපුර, දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

බලයෙන් උන්මාද වී වල්මත් වී සිටින ජනතා විමුක්ති පෙරමුණ රජයට එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී රතු එළියක් පත්තු කරන්න ජනතාව කටයුතු කරන ලෙසත් මුසාවෙන් මුලාවෙන් ටොම්පච දේශපාලනයෙන් ජනතාව අනාථ කරන්න නොදී පාඩමක් ඉගැන්විය යුතු බවත් මේ අය ලක්ෂ 220 ජනතාවට වුන කිසිදු පොරොන්දුවක් ඉටු නොකර ඇති බවත් පැය 24ම බොරු කියමින් මෙවරත් බොරුව ජයග්‍රහණය කරවන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අය පච දේශපාලනයේ කප්පිත්තන් වෙලා

මේ පච දේශපාලනයේ කප්පිත්තන්ගේ ක්‍රියා ගැන අවබෝධයක් ලැබෙන විට දැන් අලුත් තුරුම්පුවක් ලෙස මාලිමාව බලයට එන පළාත් පාලන ආයතනවලට පමණක් මුදල් වෙන් කරන බවට පවසන බවත් මේ ජනාධිපතිවරයා මාලිමාවට පමණක් වගකියන අයකු වී ඇති නමුත් ජනාධිපතිවරයා ලක්ෂ 220 ජනතාටම වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන්ධන බලාගාර හරහා කොමිස් පාරාදීසයක් නිර්මාණය කරනවා

විදුලි බිල 33%කින් අඩු කරන බවත් බදු කොමිස් නැති කර තෙල් මිල ද අඩු කරන බව පැවසුවත් ඒ කිසිවක් නොවූ බවත් 20%කින් පවා විදුලි බිල අඩු කරන්න සිදු වූයේ ජනතාවගේ නැගී සිටීම නිසා බවත් මේ වන විට පුනර්ජනනීය බලශක්තියට පවා ආණ්ඩුව බලපෑම් කරමින් සිටින බවත් ඩීසල්, තාප විදුලි හා ගල් අගුරු විදුලි බලාගාර මාෆියාවට මුල්තැන ලබා දී මේ මාෆියාවේ කොටස්කරුවකු බවට ආණ්ඩුව පත්වී ඇති බවත් පුනර්ජනනීය බලශක්තිය හරහා අඩු පිරිවැයකින් විදුලිය නිපදවිය හැකි වුවත් ආණ්ඩුව ඉන්ධන බලාගාර තාප විදුලි බලාගාර හා ගල්අගුරු විදුලි බලාගාර මාෆියාවට මුල් තැන දී කොමිස් හා පගා පාරාදීසයක් නිර්මාණය කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here