කොටහේන දැරියට යුක්තිය ඉල්ලා අලුත්කඩේ නිහඩ විරෝධයක්!

0
6


කොළඹ LNW:ළමා අපයෝජකයින්ට දේශපාලන රැකවරණය ලබානොදෙන ලෙස බලකරමින් අද (19) අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්විය.

අපයෝජන සිදුවීමක් මුල්කරගනිමින් සියදිවි නසා ගත් කොටහේන දැරියගේ සිදුවීම පාදක කරගෙන මෙම විරෝධය සංවිධානය කර තිබුණු අතර එම දැරියට යුක්තිය ඉටුකරන ලෙසයි විරෝධතාවට එක්වූවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.

විශේෂයෙන් පාසල සම්බන්ධයෙන් වැඩිහිටියන් තබා ඇති විශ්වාසය තහවුරු කරමින් පාසල දරුවන්ට සුරක්ෂිත තැනක් බවට පත්විය යුතු බවද ඔවුන් අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here