කෙහෙළියට එරෙහි නඩුවක් විභාගයට ගැනීම දින නියම වෙයි

0
5

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා අප්‍රේල් 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළේය.

මේ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නඩුව විභාගයට අප්‍රේල් මස 27 වනදා විභාගයට ගැනීමට විනිසුරුවරයා දින නියම කළේය.

එදින සාක්ෂිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කෙරුණි.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ අයථා ලෙස වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කර තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here