රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතා පැවැත් වූ දේශපාලනඥයන් සභ්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල සඳහන් කරයි.
අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ,
රැඳවුම් නියෝග මත සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් සතුව තිබූ දුරකථන 30ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවත්,
ඒ අනුව, එම දුරකථන ඔස්සේ ඔහු සබඳතා පැවැත් වූ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්ය.
අදාළ දේශපාලනඥයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වනවිට සාර්ථකව සිදු වන බවයද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල සඳහන් කළේය.
4
Saru News










