රතුවරෙන්තු නිකුත් කර සිටි පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන දිනූශ චතුරංග නොහොත් “කෙසෙල්වත්තේ දිනූෂ” නමැත්තා තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අධිකරණය අද (27) රැඳවුම් නියෝග නිකුත් කර තිබේ.
ඒ ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වාර්තාවක් අද කෙසෙල්වත්ත පොලිසිය විසින් අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
එහිදී කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ අදාළ සැකකරු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවයි.
ඒ අනුව මිනීමැරුම්, කොල්ලකෑම් සහ තුවාල කිරීම ඇතුළු අපරාධ සිද්ධීන් 08ක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය විසින් අධිකරණයට දන්වා ඇත.
ඉන් අනතුරුව මෙම පැමිණිල්ල පෙබරවාරි 14 වැනිදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත් එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කර තිබේ.
0
Saru News










