කෙටි කලකින් දිගු කෙස් කළඹක් ලබා දෙන කරපිංචා තෙල් සත්කාරය.

0
10

දිගු කළු පැහැති කෙස් කළඹක් ලබා දෙන තෙල් වර්ගයක් තමයි කරපිංචා තෙල් කියලා කියන්නේ. ආසියානු රූපලාවණ්‍යය රහස් වට්ටෝරුවල මෙන්ම ආයුර්වේදය හෙයා මාස්ක්, හෙයා පැක් සහ හෙයා ක්‍රීම් යන සියල්ලේත් මූලිකව අඩංගු වන ද්‍රව්‍යක් වශයෙන් කරපිංචා හඳුන්වන්න පුළුවන්. ඒ අනුව අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඔබේ කෙස් කළඹ දිගු කරන ලස්සන කරන කරපිංචා තෙල් නිවසේදීම සාදා ගන්නා ආකාරයයි.

හිසකෙස් ප්‍රශ්න සඳහා හොදම විසඳුමක් වන කරපිංචා තෙල්වල මැග්නීසියම්, කැල්සියම්, යකඩ යනදී පෝෂ්‍යපදාර්ථ බහුලව පවතිනවා. කරපිංචා කොළවල විටමින් ඊ බහුලම අඩංගු වන නිසා මෙය කොණ්ඩය සදහා වඩාත්ම හොද සත්කාරයක්

කරපිංචා තෙල්වලින් ඔබට ලැබෙන වාසි

  • කොණ්ඩය ගැලවී යාම නතර වීම
  • කොණ්ඩයේ වියළි බව නැති වීම
  • අකලට හිසකෙස් පැසීම නතර වීම
  • හිසකෙස් මුල් ශක්තිමත් කිරීම

අවශ්‍ය ද්‍රව්‍ය

කරපිංචා ඉති කිහිපයක්
පොල් තෙල් අඬු කෝප්ප 1යි

සාදන ආකාරය –

  • භාජනයකට පොල්තෙල් අඩු කෝප්පයක් පමණ දමා මදක් රත් කරන්න.
  • තෙල් රත් වු පසු කරපිංචා කොළ අඩු කෝප්ප දෙකක පමණ ප්‍රමාණයක් එයට එක්කරන්න.
  • ඉන්පසු ලිප නිවා දමා මිශ්‍රණය නිවෙන්නට තබන්න.( කරපිංචා කොළ අවපැහැ ගැන්වෙන තුරු )
  • මිශ්‍රණය හොදින් නිවුණු පසුව එය කරපිංචා කොළත් සමගම පිරිසිදු වීදුරු බෝතලයකට දමාගන්න.

සැලකිලිමත් විය යුතු කරුණු

  • නෑමට පැයකට පමණ පෙර මෙය හොදින් හිසේ ගල්වා සම්භාහනය කිරීමෙන් පසුව පිරිසිදු ජලයෙන් හොදින් සෝදා හරින්න.
  • වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනීම සඳහා සතියකට දෙවතාවක් හෝ ඊට වැඩියෙන් මෙම ඔයිල් එක භාවිතා කරන්න
  • ඔබට මෙම සත්කාරය මාස 03 ක් නොකඩවා කළ හැකි නම් ඔබේ වරලසේ ඇති සෑම ප්‍රශ්නයක්ම සදහටම නැති කර දිගු කෙස් කලඹකට හිමි කම් කියන්න පුළුවන්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here