කෙට්ටු වෙන්න ඕන ඔබට සුදුසු රසවත් චිකන් රෙසිපි 03ක්

0
15


ශරීරයේ බර අඩු කර ගන්න උත්සහ කරන අයට කුකුල් මස් ( Chicken ) කන්න පුළුවන් කියලා ඔබ දන්නවා. Chicken කියන්නේ ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්.එමගින් ඔබට කොලෙස්රෝල් අවදානමක් ඇති නොකරන අතර දිගු වේලාවක් පුරාවට ඔබට පූර්ණ හැඟීමක් ඇති කරවනවා. අද අපි ඔබට කියන්නේ කෙට්ටු වෙන්න ඕන ඔබට අඩු මේද අමුද්‍රව්‍ය භාවිතයෙන් ඔබට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් චිකන් රෙසිපි කීපයක් ගැනයි. 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

කටු ඉවත් කර ගත් කුකුල් මස් 500 g

යෝගට් කෝප්ප 2 1/2 

සූදුරු තේ හැදි 1 

සුදුළූනු පේස්ට් තේ හැදි 1 

ගරම් මසාලා තේ හැඳි 1/4 

කහ තේ හැදි 1/4 

මිරිස් කුඩු තේ හැඳි 1/2 

අමුමිරිස් කරල් 3 

තෙල් ස්වල්පයක් 

බී ළූණු ගෙඩි 2 

තක්කාලි ගෙඩි 1 

ලුණු ස්වල්පයක් 

කොත්තමල්ලි කොළ ස්වල්පයක් 

හදන්නේ මෙහෙමයි 

මුලින්ම යෝගට් , සූදුරු , සුදුලූනු පේස්ට් , ගරම් මසාලා , කහ , මිරිස් කුඩු යන සියල්ල හොඳින් මිශ්‍රකර ගන්න

ඉන්පසුව එම මිශ්‍රණයට කටු ඉවත් කර කපාගත් කුකුල් මස් එකතු කර මිශ්‍ර කර විනාඩි 30 ක් පමණ වසා තබන්න 

භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතුකර රත් වෙනතුරු තබා එයට කපා ගත් බී ළූණු එකතු කරන්න 

බී ළූණු රන්වන් පැහැයට හැරුණු පසු එයට අමුමිරිස් සහ තක්කාලි එකතු කර ගන්න

විනාඩියක් පමණ තක්කාලි පිසුනු පසු සූදානම් කරගත් කුකුල් මස් එකතු කර රස අනුව ලුණු ද එකතු කර හොඳින් පිස ගන්න 

අවසානයට කොත්තමල්ලි කොළ එකතු කරන්න 

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

කටු ඉවත් කර ගත් කුකුල් මස් 400g 

ගරම් මසාලා තේ හැඳි 2

මිරිස් කුඩු තේ හැඳි 2 

කොත්තමල්ලි කුඩු තේ හැඳි 2

බී ළූණු ගෙඩි 1 

තලාගත් ඉඟුරු ස්වල්පයක් 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here