කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් තිදෙනකු කටුනායක ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බැංකොක් සිට පැමිණි ගුවන් යානයකින් මෙම කාන්තාවන් මෙරටට පැමිණ තිබූ අතර ඔවුන් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේ.
කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 248ක් බරැති මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන ඒවා ගමන් මලු 04ක සඟවා ගෙන පැමිණ තිබෙනවා.
ඔවුන් අවුරුදු 25, 48 සහ 50 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියන්.
සැකකාරියන් තිදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
Saru FM Media