කුරුවිට බන්ධනාගාරයේ සිට විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට තර්ජනය කර කප්පම් ලබාගත් රැදවියෙකුගේ තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා.
ඒ, බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතාට ලද තොරතුරක් මත කුරුවිට බන්ධනාගාරයේ නිලධාරීන් සිදුකළ හදිසි පරීක්‍ෂාවකදීයි.
අදාළ රැදවියා මීට පෙර රදවා සිටියේ බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
පසුගිය කාලයේ එම බන්ධනාගාරයේ ආරක්‍ෂික කැමරා රැසකට ඔහු හානි කර තිබුණා.
ඒ අනුව ඔහු කුරුවිට බන්ධනාගාරයේ රදවා තැබීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළේ. එම රැදවියා කුරුවිට බන්ධනාගාරයේ එච් වාට්ටුවේ රදවා තිබෙනවා.
එහි සිට ඔහු විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ලෙස මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ. ඔහු ඒ සදහා යොදාගත් ජංගම දුරකතනය එම වාට්ටුවේ වැසිකිලියේ රදවා තිබියදී සොයාගෙන තිබෙනවා.
ඒ සමග එම වාට්ටුවේ තිබී තවත් ජංගම දුරකතනයක් සොයාගත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
Saru FM Media