කුරිරු ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගෙන අදට වසර 16යි

0
5


පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට වසර 16ක් සපිරෙනවා.

2009 වසරේ මැයි මස 18 වැනි දින පුදුකුඩිරිප්පු, නන්දිකඩාල් කලපුව ආසන්න ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමත් සමඟින් දශක තුනකට අධික කාලයක් උතුරු, නැගෙනහිර මෙන්ම මෙරට ත්‍රස්තවාදයෙන් ඇවිලූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මෙන්ම යුද්ධයේද නිමාව සනිටුහන් කෙරුණා.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක කරමින් එල්.ටී.ටී.ඊ  ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් මුදාගැනිමට ආරක්ෂක අංශ සමත් වුණා 

මෙම විජයග්‍රහණයට උර දුන් වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන 16 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදීයි.

පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතයි 

දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වැද දිවිපිදූ හා අතුරුදන් රණවිරුවන්ට ගෞරවය පිරිණැමීම සදහා වාර්ෂිකව මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනවා.

මේ අතර දේශප්‍රේමී ජාතික පෙරමුණ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීමක් කළේ ජාතික රණවිරු දින සැමරුමට සමගාමීව අද දිනයේ සෑම නිවසකම ජාතික කොඩියක් එසවීමට පියවර ගන්නා ලෙසයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here