කුඹින්, මැස්සන් වැනි කරදරකාරී කෘමි සතුන්ගේ කරදරයට විසඳුම්

0
11


ගෘහණියකට ඇතිවිය හැකි ප්‍රධානතම ගැටළු වලින් එකක් තමයි නිවසට කෘමි සතුන් බෝවීම.ඉතා කරදරකාරී දෙයක් වන මෙයට ගත හැකි ආරක්ෂක පියවර බොහෝමයක් තියෙනවා.නමුත් වඩාත් සුදුසු දේ වෙන්නේ කෘමි සතුන් බෝ වීමට පෙර එය වලක්වා ගැනීම.මේ ලිපියෙන් ඔබට කියන්නේ කෘමි සතුන් බෝවීම වලක්වා ගැනීම සහ අවම කර ගැනීම සඳහා ඔබට ගත හැකි පියවර ගැනයි

ඔබේ නිවස වටා ඇති ගස් හෝ පඳුරු නිවසේ බිත්ති වලට ස්පර්ශවන ලෙස තිබෙනවා නම් ඒවා කපා ඉවත් කරන්න ඔබට පුළුවන්.බොහෝ ශාක සහ පැළෑටි වල විවිධාකාරයේ කෘමි සතුන් ජීවත් වෙනවා.නිවසට ස්පර්ශවන ලෙස යන එවැනි අතු කෘමි සතුන්ට පහසුවෙන් නිවසට ඇතුළු විය හැකි ” පාලම් ” ලෙස සැලකෙනවා. එම නිසා ඒවා කපා ඉවත් කිරීමෙන් සතුන් නිවසට ඇතුළුවීම වළක්වා ගන්න ඔබට හැකියාව ලැබෙනවා.

මේ සතුන්ට නිවසට ඇතුල් විය හැකි එකම ක්‍රමය දොරවල් සහ ජනෙල් නොවේ.බිත්ති වල ඇති ඉරිතැලීම් සහ හිඩැස් හරහා ඔවුන්ට ඉතා හොඳින් ගමන් කරන්නට මෙන්ම වේයන් වැනි සතුන්ට එහි ජීවත් වෙන්නටත් පුළුවන්.එමනිසා බිත්තිවල සහ උළුවහු වල හිඩැස් , පලුදුවීම් ,ඉරිතැලීම් තිබෙනවාදැයි පරීක්ෂාකර ඒවා ප්‍රතිසංස්කරණය කිරීම ඔබ විසින් කළ යුතුයි

ගෘහාශ්‍රිතව එකතු වන කසළ සහ අපද්‍රව්‍ය මගින් ඉතා පහසුවෙන් කැරපොත්තන් , මැස්සන් වැනි සතුන් බෝ වෙන්නට පුළුවන් බව ඔබ දැනටමත් දන්නවා.දිනපතා නිවසේ එකතු වන කැලිකසල නිවසින් පිටත ස්ථානයක හෝ නිවසෙන් බාහිර වෙනත් ස්ථානයක නිසි ලෙස බැහැර කිරීම මගින් කෘමි සතුන් බෝවීම වලක්වා ගන්නට පුළුවන්. එමෙන්ම ඔබ කැලිකසල ගබඩා කරන කසල බඳුන ලෙස හොඳින් වැහෙන පියනක් සහිත එකක් තෝරා ගන්නටත් අමතක කරන්න එපා

කානු පද්ධති වල බොහෝවිට අපද්‍රව්‍ය එකතු වීමට ඉඩ ඇති නිසා එමඟින් විවිධ කෘමීන් පමණක් නෙමෙයි මීයන් පවා බෝවීමේ ඉඩකඩ වැඩි වනවා.අවම වශයෙන් සතියට එක් වරක් වත් ඔබේ නිවෙස වටා හා නිවස ආශ්‍රිතව ඇති කානු පද්ධති හොඳින් පිරිසිදු කිරිමෙන් කෘමීන් සහ වෙනත් සතුන් බෝවීම වලක්වා ගන්නට පුළුවන්.ඒ වගේම කානු පිරිසිදු කළ පසු විනාකිරි සහ බේකින් සෝඩා එකතු කල මිශ්‍රණයක් යෙදීමෙන් අපද්‍රව්‍ය හිර වීම වළක්වනවා මෙන්ම විශබීජහරණයක් ද සිදු වනවා.

ඔබ යම් පිරිසිදු කිරිමේ කාල සටහනකට හෝ නිවස කිරීමේ කටයුතු කරනවා නම් කෘමි සතුන්ගෙන් තොර නිවසක් පවත්වාගෙන යන්න ඔබට හැකියාව තියෙනවා.දිනපතා නිවස අතු ගෑම ,මොප් කිරීම ,vacume කිරීම සහ විෂබීජ නාශක දියර ඉසීම මගින් කෘමි සතුන් බෝවීම වලක්වා ගන්නට පුළුවන්

මෙම උපක්‍රමය මැස්සන්, මදුරුවන් සහ කෝඳුරුවන් වැනි කෘමි සතුන් පලවා හැරීමට මෙන්ම ඔබේ නිවස සුවඳවත් කිරීමටත් ඔබට උපකාරී වෙනවා.වෙළෙඳ පොළේ ඕනෑ තරම් විවිධ සුවඳ වර්ගයන්ගෙන් යුත් ඉටිපන්දම් සහ ලාම්පු ඇති බැවින් කුරුඳු , පැඟිරි හෝ වෙනත් සුවඳ වර්ගයකින් යුතු නිෂ්පාදනයන් මිළදී ගෙන භාවිතා කරන්නට ඔබට පුළුවන්

ඔබේ නිවසට කුහුඹුවන් වැනි වෙනත් කෘමීන් ඇතුළුවීමට බොහෝමයක් ඉඩකඩ තිබෙන්නේ මුළුතැන්ගෙය ආශ්‍රිත ප්‍රදේශවලිනුයි.දිනපතා මුළුතැන්ගෙය පිරිසිදු කිරීමෙන් අනතුරුව විනාකිරි කෝප්ප භාගයකට සහ වතුර කෝප්ප භාගයකට ගම්මිරිස් ස්වල්පයක් මිශ්‍ර කර කෘමීන් ඇතුළු විය හැකි ස්ථානවලට ඉසින්න.ඊට අමතරව වෙළඳපොළෙන් මිලදී ගත හැකි කුරුදු වලින් නිෂ්පාදනය කල විෂබීජ නාශක දියර මුළුතැන්ගෙයි පුරාවට ඉසීමෙන් ද මැස්සන් සහ කූඹීන් වැනි කෘමි සතුන් ඇතුළු වීම සහ බෝවීම වළක්වා ගත හැකියි

ගෘහණියන් අතින් නිතරම වාගේ සිදුවන වරදක් තමයි වියළි ආහාර සහ අනෙකුත් ආහාර නිසි ලෙස ගබඩා නොකිරීම.ඔබ නිවසේ ආහාර ගබඩා කිරීමේ දී අනිවාර්යයෙන්ම වාතය ඇතුළු නොවන බෑග් සහ බෝතල් භාවිතා කළ යුතුයි.ඔබ පලතුරු වැනි දෑ ආවරණය නොකර තබනවා නම් ඒවා අධික ලෙස ඉදෙන්නට පෙර පරිභෝජනය කිරීමට වග බලා ගන්න.

මෙවැනි ඉතා සරල පියවරයන් අනුගමනය කිරීම මගින් ඔබට කෘමී සතුන්ගෙන් ඇති විය හැකි හානි වලක්වා ගන්නට පුළුවන්.විශේෂයෙන්ම ඔබේ නිවස සහ නිවස ආශ්‍රිතව නිසි ආකාරයෙන් පිරිසිදු කර කැලිකසල හොඳින් බැහැර කරනවා නම් කෘමී කරදරයෙන් මිදෙන්නට ඔබට හැකියාව තිබෙනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here