පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ කාලය යළි දීර්ඝ කරන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.
ඉකුත් මාර්තු 31 වැනි දා සිට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබුවා.
ශ්‍රී ලංකා රජය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීමට කැපවී සිටින බවත් ඒ අනුව එම අංශයට සහාය වීම සඳහා, 2025 දෙසැම්බර් 31 දක්වා සහන කාලයක් ලෙස අදාළ අත්හිටුවීම දීර්ඝ කර ඇති බවත් එම අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
රුපියල් මිලියන 25 ට අඩු ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා, 2025 මාර්තු 31 දින හෝ ඊට පෙර බැංකු සමග සහන පියවර සාකච්ඡා කර ගත යුතු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එමෙන්ම රුපියල් මිලියන 25 ත් 50 ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට 2025 සැප්තැම්බර් 30 දක්වා සහන ලබා ගැනීමට දීර්ඝ කිරීමක් ලබා දී ඇති අතර ,රුපියල් මිලියන 50 ඉක්මවන ණය ලබාගෙන ඇති අය සඳහා 2025 ජුනි 30 දක්වා අත්හිටුවීම දීර්ඝ කළ බවයි මුදල් අමාත්යංශය සඳහන් කරන්නේ.
එමෙන්ම මෙම ප්‍රතිලාභ හිමිවන්නේ 2025 මාර්තු 31 වන දිනට පෙර බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පමණක් බවද එම නිවේදනයේ සඳහන්.
Saru FM Media