විවිධ ආබාධ සහිත ජනතාවට පහසුවෙන් තම ගමන් බිමන් යා හැකි ආකාරයේ “පතුළ පහළ” විශේෂ වර්ගයේ (Low Floor) බස් රථ 10ක් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිපාදන යටතේ මෙරටට ආනයනය කර තිබේ.
ලංකා ගමණා ගමණ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක මහා භාණ්ඩාරගාරයට සහ ලංගමට කොටස් හිමි මෙට්‍රො බස් පුද්ගලික සමාගම සඳහා ආනයනය කර ඇති මෙම බස් රථ 10 නොදුරේදීම මාකුඹුර – පිටකොටුව සහ මාකුඹුර කඩවත අතර නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුනාගත් විශේෂ මාර්ග දෙකක ධාවනයේ යෙදවීමට නියමිතය. මෙම බස් රථ ආරම්භය කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙනි.
මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රය හා කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයද විශේෂයෙන් රෝහල්, පාසල් ඇතුළු ප්‍රධාන ආතයන සඳහා ගමන් බිමන් යන මගී ජනතාව මෙහි ඉලක්කය වී තිබේ.
විවිධ ආබාධ සහිත පුද්ගලයන්ගේ පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින්, ඔවුන් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ප්‍රවාහන සේවාවක් ලෙස ලබන මස සිට ආරම්භ කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
බස් රථවලට පැමිණෙන රෝද පුටු භාවිත කරනු ලබන පුද්ගලයන් ගේ ආරක්ෂාව මෙහිදී සහතික කෙරේ. මෙම බස් රථවල රාජකාරි සඳහා තෝරාගත් රියැදුරු හා කොන්දොස්තරවරැන් සඳහා 28ක් සඳහා බස් රථ තාක්ෂණය, මගී ආරක්ෂාව, ආචාරධර්ම, සංඟදා භාෂාව හා ධාවනයේදී සැලකිල්ලට ගත යුතු කරැණු කෙරෙහි පුහුණුවක්ද ලබා දීමට අවශ්‍ය කටයුතු සමාජ සේවා අමාත්‍යාංශය විසින් සමිපාදනය කර තිබේ.
මෙම විශේෂිත බස් රථ ව්‍යාපෘතිය සඳහා රැපියල් මිලියන 430.7ක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ලබාදී ඇති බව ජනාධිපති අතිරේක ලේකමි S.P.C සුගීෂ්වර පවසයි.
ව්‍යාපෘතියක් ලෙස මෙවැනි බස් රථ සේවාවක් ක්‍රියාත්මක කොරෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, සියලු බස් රථවලදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීම අනිවාර්ය වේ.
ලබන අගෝස්තු මාසයේදී තවත් බස් රථ 100ක් රජය විසින් මෙරටට ආනනයනය කරන අතර එම බස් රථද විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සහ සාමාන්‍ය මගීන් සඳහා යෙදෙවෙනු ඇත.
හමිබන්තොට වරාය පරිශ්‍රයට ඊයේ (10) ගොඩබානු ලැබු මෙම වායු සමනය කරන ලද බස් රථ 10 ලබන සෙනසුරාදා කොළඹට රැගෙන එනු ඇති අතර එහිදී බස් රථ 10 මෙට්‍රෝ බස් සමාගම විසින් බාර ගැනීමට නියමිතය.
හමිබන්තොට වරාය පරිශ්‍රයට ගොඩ බා ඇති මෙම බස් රථවලට අනියුක්ත කරන ලද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා විශේෂ පුහුණුව ලබාදීම ,
වායු සමනය කරන ලද මෙම බස් රථ මාකුඹුර අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට පෙරවරුවේ හා පස්වරුවේ විනාඩි 40කට වරක් ධාවනය කරවීමට නියමිත බව මෙට්‍රෝ බස් සමාගම පවසයි.
එක් බස් රථයක ගමන් කළ හැකි, සමිපුර්ණ මගී සංඛ්‍යාව 80ක් වන අතර ආසන 53කින් සමන් විතය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා දැනටමත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන අතර, මෙම වැඩසටහන ඉන් එක් ව්‍යාපෘතියකි.
ඉදිරියේදී, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා අවධානය යොමු කරමින් බස් රථ නැවැතුමි පොළද ප්‍රතිසංස්කරණයට හෝ අලුතින් ඉදිකිරීමටද සැලසුම් කර ඇති බව ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

2
Saru News
















