කිසිම ගෑස් හිඟයක් නැහැ – සමාගම නිවේදනය කරයි

0
5

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ප්‍රමාණවත් පරිදි තොග සමාගම සතුව පවතින හෙයින් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති බවත් අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

The post කිසිම ගෑස් හිඟයක් නැහැ – සමාගම නිවේදනය කරයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here