කිසිම අයකුට බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කරන්න අයිතියක් නැහැ – විපක්ෂ නායක සජිත්

0
4

සටහන – රුවන් නෙළුගොල්ල

අප රටේ පන්සල් පද්ධතිය අද වන විට අවදානය නොමැතිව ගරා වැටෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ආකරයට බුදුදහම පෝෂණය කර රැක ගන්න බුද්ධශාසන අමාත්‍යාංශය සහ අරමුදලක් රණසිංහ ප්‍රේමදාස මහතා ඇති කර සෙසු ආගම්වලට රාජ්‍ය අමාත්‍යාංශය පවා ඇති කරමින් ඒ ඒ ආගම් සංස්කෘතීන් සුරක්ෂා කළ බවත් මේ තුළින් රට සුරක්ෂිත වී ආගම් ජාති ජන කොට්ඨාස අතර බෙදීම් නැතිව රටේ සෛරීත්වය භෞමික අඛණ්ඩතාව සුරැකෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

යම් යම් කොට්ඨාස බුද්ධ ශාසනයට ප්‍රහාර තර්ජන එල්ල කරන බවත් ගිහියන්ට එවැනි තර්ජන අභියෝග කරන්න අයිතියක් නැති බවත් මහා සංඝරත්නයට ඇඟිල්ල දිගු කරන්න අයිතියක් නැති බවත් චීවරයට සම්බුද්ධ ශාසනයට ගරු කරමින් සෙසු ආගම් හා ආගමික නායකයන්ට පවා ගරු කළ යුතු බවත් ඊට අමතරව ආගමික සිද්ධස්ථාන සුරක්ෂිත කළ යුතු බවත් එය සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ විවිධ පුද්ගලයන් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ ආකාරයට ගැන කළකරෙන බවත් ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට අභියෝග කළ නොහැකි බවත් කිසිම අයකුට බුද්ධාගමට බුද්ධ ශාසනයට අභියෝග කල නොහැකි බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් මේ ගැන කුමන පක්ෂයක් වුවත් පොදු සම්මුතියක සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ තිස්සමහාරාම ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ යෝජිත නව සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා එක්වෙමිනි.

අප රටේ බුදුදහමට සුවිශේෂ ස්ථානයක් හිමිවන බවට උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා තහවුරු කර ඇති බවත් බුද්ධශාසනය ශක්තිමත් කිරීම පෝෂණය කිරීම සහ ආරක්ෂා කරන අතරතුර සෙසු ආගම් ජාතිවලට ඔවුන්ගේ ආගමික අයිතියට සංස්කෘතික අයිතියට සුරක්ෂා කිරීමත් සිදුවන බවත් පෞද්ගලිකව විශ්වාස කරන ආකාරයට ආගම දහම ජාතිය කුලය පන්තිය තරාතිරම උපයෝගී කර ගෙන දේශපාලන වාසි නොලැබිය යුතු බවත් ඉන් පෙනී යන්නේ අදාළ පුද්ගලයාගේ නොහැකියාව බවත් දේශපාලනය යනු ජනතා සේවාව සමාජ සංවර්ධනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආගම දේශපාලනයට යොදා නොගත යුතුයි

ඉතිහාසය පුරා විවිධ අවස්ථාවල ආගම ජාතිය මුල්කර ගෙන දේශපාලනිකව ජනප්‍රිය වෙන්න උත්සාහ කළ බවත් සැබැ බෞද්ධයන් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බවත් ප්‍රායෝගික බෞද්ධයන් වී ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අද ආගමික සිද්ධස්ථානවලට නිසි අනුග්‍රහයක් නැ

පන්සල් ආගමික සිද්ධස්ථාන දියුණු කළ බවත් සමහර ප්‍රදේශවල පන්සල්වලට නිසි අනුග්‍රහයක් නොමැති බවත් මේ නිසා පන්සල් පිරිවෙන් ආරන්‍ය පවා පිරිහෙමින් යන බවත් දහම් අධ්‍යාපනය ලබන දහම් පාසල්වලට එන දරුවන් පවා අද අඩු වී ඇති බවත් ඒ ඒ ආගම්වල දහම් අධ්‍යාපනය දරුවන්ට ලබා දිය යුතු බවත් මේ තුළින් යුක්තිගරුක ශිෂ්ටසමිපන්න දරු පරපුරක් නිර්මාණය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කර දැමිය යුතුයි

අද රටේ පාසල් පද්ධතියේ මත්ද්‍රව්‍ය ගැටලු වැඩි වී ඇති බවත් වැඩිහිටියන් ලෙස මේ මත්ද්‍රව්‍ය ජාවාරම පරාජය කළ යුතු බවත් එයට පක්ෂ පාට අදාළ නැති බවත් දරුවන් වෙනුවෙන් මේ යුතුකම ඉටු කළ යුතු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කළ යුතු බවත් මේ යථාර්ථය සියලු දෙනා තේරුම් ගත යුතු බවත් ඒ වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

The post කිසිම අයකුට බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කරන්න අයිතියක් නැහැ – විපක්ෂ නායක සජිත් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here