කිලෝ 85 ට අඩු නොවේ – ශ්‍රී ලංකා රගර් මත වැටෙන බිලියන ට්‍රිලියන ගණනක බරක්

0
5


නිශ්මං රණසිංහ මැයි 04, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සමඟ පැවත්වෙන කිලෝ ග්‍රෑම් 85 ට වඩා අඩු ශරීර සහිත ක්‍රීඩකයින් සහභාගි වන රගර් තරගය ඓතිහාසිකය.බරේ සිමාවක් ඇතත් නවසීලන්තය යනු ලොව විශිෂ්ඨතම රගර් සංස්කෘතියේ නියෝජනය සහිත රාජ්‍ය්‍ය වන්නේය.ශ්‍රී ලංකාවේ රගර් ව්‍යාප්තිය සහ සංවර්ධනය පිණිස ජෙෆ් මැතේසන් සකස් කර ඇති ව්‍යවස්ථාමය රාමුව ද මෙහිදී ශ්‍රී ලංකාව තව දුරටත් විසිර පැතිර ඇති රට පුරා පතළ රගර් ක්‍රීඩාවක් කරා ප්‍රායෝගිකය යොමු කිරීමේ අවස්ථාව භාවිතයට ගත යුතුය ඇති බව පවසන්නේය.එය නවසීලන්තයේ රගර් ව්‍යාප්තියේ හැඩයම ගන්නා එකකි.ශක්තිය පුළුල් කරන ක්‍රියාවලියකි.

මේ ඓතිහාසික තරගය දෙරට රගර් හි තත්ත්වය සැළකිල්ලට ගැනීමේදී ලංකාවට ලැබුණ ස්වර්ණමය අවස්ථාවකි. එහෙත ජෙෆ් මැතේසන් වැනි ජාත්‍යන්තර රගර් විද්වතුන්ගේ ඇසුරේ ශ්‍රී ලංකාවේ රගර්වල පැවත්ම සහ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් සිඳුව ඇති බව ද අපට අමතක කළ නොහැකි කරුණකි.

මේ මොහොත වැදගත් වන්නේ ඒ මැතේසන්ලාගේ දැක්මට පයින් ගසා සුළු කල්ලියකට වරදාන දෙන පරිදි ව්‍යවස්ථා වෙනසකට දේශිය දේශපාලනය ජාත්‍යන්තර රග්බි පරිපාලනය පොළඹවාගෙන සිටින පිරිසක් සිය අතීත වැරදිවලට කිසිඳු දඬුවමක් නොලැබ තරගාවලිය මෙහෙයවීමේ ක්‍රියාවලියේ හවුල්කරුවන් වී සිටීමය.පාර්ලිමේන්තුවේ දී නාමල් රාජපක්ෂට පමණක් වචනවලින් දමා ගසන ක්‍රීඩා අමාත්‍යවරයා ඒ අශුද්ධ කල්ලියේ රූකඩයක්ව වී ඇත.මේ වන විට රග්බි කාර්යාලයෙන් සංවිධානය,මෙහෙයවීම බොහෝ දුරට ඈත් කර විශාල මුදලක් ඇස්තමේන්තු කර මෙම අවස්ථාවට පිවිසෙමින් සිටින අතර,ඒ මුදල පියවා ගැනීමට සුදුසු මට්ටමේ අනුග්‍රාහකයන් පැමිණි බවක් ද නොපෙනෙන්නේය.එසේ සැළසුමක් හෝ රගර් ගිණුම ගැන අදහසක් නැතුව සංවිධානය වීම නිසා නවසීලන්තය පරාජය කළ ද ශ්‍රී ලංකාවේ රගර් ණය කන්දනම් තවත් බඹ ගණනකින් ඉහළ යනවා වළක්වනු නොහැකි වනු ඇත.

ඒ නිශ්චිත දැක්මක් සැළසුමක් නැති මෙහෙයුමක් විසින් රටට අත් කැ දෙන පාඩුව හැරුණු විට ශ්‍රී ලංකාවට මෙම ලැබුණු අවස්ථාවේ බර කිලෝ ග්‍රෑම් 85 න් කිරන්නට බැරිය.එය මිල කළ නොහැකි බිලියන ට්‍රිලියන ගණනක බරක් ශ්‍රී ලංකා රගර් මත තැබෙන අවස්ථාවකි.

නවසීලන්ත නායක ජැරඩ් පර්සිවල් මේ තරගයට පහසුවෙන් ජය ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂාවෙන් නොපැමිණෙන බව පැහැදිළිය.වඩාත්ම රැක ගන්නට දෙයක් ඇත්තේ ඔවුන් සතුව බැවින් ඔවුන් තරගයට කිලෝ ග්‍රෑම් 85 ට වැඩි ජයග්‍රහණය අපේක්ෂිත බරක් යොදනු නිසැකය.නවසීලන්ත නායකයා මැලේසියා තරගයද අත්හදා බලා ඇති අතර එම වේගය සහ උපායශිලීභාවය ද ඔවුන්ගේ අවධානයට ලක් වී ඇති බව සැක නැත.ඒ ගැන නවසීලන්ත නායකයා මාධ්‍ය හමුවේද පැවසුවේ අප මැලේසියාව වන්නට සූදානම් නැති බව වක්‍රාකාරයෙන් පවසමින්ය.

නයිජල් රත්වත්ත ද සිය තරුණ කණ්ඩායමේ තරුණ ජවය ගැන මහත් විශ්වාසයක් ඇතිව සිටින බව පැහැදිළි කළේය.එම විශ්වාසය ජයග්‍රහණයම වේ නම් අප සතුටුය.එහෙත් එය ඉතාම හොඳ සටනක් දක්වා හෝ ගෙන යාමට හැකිනම් එය වඩාත් වැදගත් වනු ඇත.මේ කණ්ඩායමේ සිටින සියලුම ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් භාග්‍යවන්තයෝ ය.ඒ ලොව ඉහළම රගර් සංස්කෘතිය දායාද කර ගත් ක්‍රීඩකයින් සමඟ තරගකාරී අත්දැකීමක් සජීවිව බෙදා හදා ගන්නට ලැබෙන බැවින්ය.එය ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානයට වඩා බොහෝ බර අනාගතයට දැනෙන තරග අත්දැකීමක් කර ගන්නට ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනයට දැක්මක් තිබිය යුතුය.මේ මොහොත පළාත් රගර් සංගම් හී ක්‍රියාකාරීත්වය යහපත්ව තිබුණේනම් රටේ බොහෝ තැන් හී සිට මෙම අසිරිමත් අවස්ථාව නැරඹීමට අනාගතය භාර ගැනීමට අපේක්ෂාවෙන් සිහින දකින හෙට පායන රගර් තරු නිත්තවෙල මෙන්ම කොළඹ ද පුරවන්නට තිබිණ.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here