රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ ලංකාවේ පොල්,කිතුල් සහා තල් නිරත කාර්මිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම පදනම් කර ගනිමින් පොල්,කිතුල් සහා තල් කර්මාන්තයේ නිරත ගොවීන් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදි හදිසි අනතුරු ජීවිත රක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා .
මෙහිදී කිතුල් ,පොල් සහා තල් යන කර්මාන්තවල යෙදී සිටින කාර්මිකයන්ට සිදුවන අනතුරු පිළිබඳව සලකා බලා මෙම රක්ෂණ ක්‍රමය සැලසුම් කර තිබෙන බවයි සඳහන් වන්නේ .
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා .
ඒ අනුව මෙම යෝජනා ක්‍රමය යටතේ රු .50000 , රු .100000 , රු 200000 රක්ෂිත ආවරණ , මරණයකදී සහා පුර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවන අතර තාවකාලික අකර්මණ්‍යතාවයකදී මෙන්ම හදිසි අනතුරු මගින් රෝහල් ගත වීමකදීද රක්ෂණ ආවරණ ලබා දෙනු ඇති බවයි සඳහන් වන්නේ .
එමෙන්ම මෙම රක්ෂණ ආවරණය රු .2000 , රු . 4000 , රු .8000 වැනි සුළු වාර්ෂික වාරික මට්ටම් යටතේ ඉහත රක්ෂණ හිමිකම් සඳහා දායකවීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති අතර ඉදිරියේදී මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි .
Saru FM Media