කෑම රස නැද්ද?

0
5

අයියෝ මොනවද මේ උයලා තියෙන්නේ කාටද මේවා කන්න පුළුවන් කඩේ කෑම කොච්චර රසද? මේ වගේ මැසිවිලි ඔබට අඩුවක් නැතිව ඇති සමහර විටෙකබොහෝ විට මේ චෝදනා එන්නේ සැමියාගෙන් හෝ වැඩිහිටියන්ගෙන්සමහර විට වරද ඔබේ නොව ඔවුන්ගේද වෙන්න පුළුවන්.

වැඩිපුර ලුණු කන අයට රස දැනෙන්නේ අඩුවෙන්

ලුණු කියන්නේ කෑමට ඇතුවත් බැරි අමුතුම කෑමක්ඉතින් වැඩිපුර ලුණු රසට ඇබ්බැහි වුණු කෙනෙකුට කෑමවල රස දැනෙන්නේ හරිම අඩුවෙන්.

දිව සනීපෙන්ද?

රස දැනෙන රසාංකුර තියෙන්නේ දිවේඉතින් හොඳින් රස දැනෙන්න නම් නිරෝගී දිවක හිමිකරුවෙකු වෙන්නත් ඕනරසංකුර හොඳින් ක්‍රියාත්මක වීමට නම් දිව මතුපිට පිරිසුදු විය යුතුයිවිශේෂයෙන්ම දිව මතුපිට ඇති බැක්ටීරියා ඉවත් වෙනතුරු හොඳින් දිව මැදිය යුතුයි.

දුම් පානය කරනවාද?

දුම් පානය කරන අයගේ සාමාන්‍ය පුරුද්දක් තමා උයන කෑම රස නැහැ කියා බිරිඳට දොස් පැවරීමදුම් පානය කරන්නන්ගේ රසාංකුරවල ඇති ස්නායු වගේම නාසයේ සුවඳ දැනෙන ස්නායු ද අවහිර වෙනවා.

බුලත්විට

බුලත් විට කෑමට ඇබ්බැහි වී සිටින අයටත් සිදුවන්නේ ඉහත සඳහන් කල ආකාරයේම දෙයක්ඉතින් ඒ නිසා ගඳ සුවඳ මෙන්ම රසද දැනෙන්නේ නැහැ.

හැමදාම එක වගේම ද?

දිවේ සහ ආහාර ගන්නා පුද්ගලයාගේ නිරෝගීතාව පමණක් නෙවෙයිකෑම හදන ආකාරයේ වෙනසත් රසයට බලපාන ප්‍රධානම කරණය බව ඔබ දන්නවාඒ නිසා විවිධ ආහාර වට්ටෝරු අත්හදා බලන්නත් අමතක කරන්න එපා.

– ඉරේෂා –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here