කෑගල්ල රෝහලේ දොස්තරට පහර දුන් පුද්ගලයා රිමාන්ඩ්

0
17


කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

පෙරේදා (28) කෑගල්ල රෝහල ඉදිරිපිට දී පුද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් විශේෂඥ වෛද්‍යවරයාට පහර දී ඇති අතර, පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙම පහරදීමට විරෝධය පළකරමින් කෑගල්ල රෝහලේ කාර්ය මණ්ඩලය ඊයේ (29) දහවල් විරෝධතාවයක ද නිරත වුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here