කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW :

තංගල්ල මාවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස, දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිරිස්ස ,පොල්අතු මෝදර පදිංචි මතීෂ නෙත්මිණ නමැති 21 හැවිරිදි වෛද්‍ය අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකි.

පොලිසිය සඳහන් කළේ, ඔහු පවුලේ ඥාතී තරුණයන් කිහිප දෙනකු සමග මාවැල්ල ප්‍රදේශයේ පිහිටි පවුලේ ඥාතී නිවසකට ගොස් සිටියදී මුහුදේ නෑමට ගොස් රළ පහරකට හසුව ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here