කැරට් වලින් ඉක්මනින් රසවත් සුප් එකක්

0
17


කැරට් කියන්නේ පොඩ්ඩෝ බොහොම  කැමති රසවත් වගේම ගුණදායක එළවළුවක්. මේ එළවළුව යොදා ගෙන අපට බොහොම පහසුවෙන් රසවත් සුප් එකක් හදා ගන්න පුළුවන්කම තියෙනවා.මේ සඳහා යන්නනේ ඉතාම සුළු වෙලාවක් නිසා කාලයත් ඉතිරි කර ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

ඔලිව් තෙල් ස්වල්පයක්, පොඩි කරගත්ත කැරට් ග්රෑම් 600 ක්, පොඩි කරගත්ත ළූණු ගෙඩි දෙකක්, සිහින්වට ලියාගත් සැල්දිරි ගස් දෙකක් පමණ, කුකුල් මස් තැම්බු ස්ටොක් , විපිං ක්‍රීම් මිලිලීටර් 100 ක්, ළූණු මල්,

සාදන ආකාරය :

පළමුවෙන්ම ඔලිව් තෙල් රත්වෙන්නට තබන්න. තෙල් රත්වූ පසුව කැරට්, ළූණු, සහ සැල්දිරි එයට එක්කර විනාඩි පහක් පමණ තෙම්පරාදු කරන්න. පසුව එයට චිකන් ස්ටොක් එක් කරන්න, එය මිනිත්තු 25 ක් පමණ තැම්බෙන්නට හරින්න.

පසුව සුප් ලිපෙන් බා එයට විපින් ක්‍රීම් ස්වල්පයක් එක් කරන්න. පසුව සිහින්ව ලියා ළූණු මල් යොදා සරසා පිළිගන්නවන්න. මෙය රාත්‍රී ආහාරයක් සඳහා වඩා සුදුසුයි.

– එරන්දතී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here