ඔබ අද සිටින තරගකාරී ලෝකය තුල මදක් නැවතී විනාඩියක් සිතන්න, ඔබගේ ජීවිතයේ පසුගිය කාලය ගෙවී ගිය ආකාරය. එය ඇතැම් විට ඔබ සතුටටත් දුකටත් පත් කරාවි. අප අද කථාකරන්නේ ජීවිතයට මුහුණ දීමට නව ලොවට පිය නගන, දැනටමත් සමාජය තුල ගැටෙමින් සිය ආර්ථික තත්වය ඉහළ නංවා ගැනීමට වෙරදරන; ඉන් ජයග්‍රහණය කළ හා නොකළ කාන්තා ඔබ සියලුදෙනා පිලිබඳවයි.
හිතන්න……………
ගතවන සැම විනාඩියක්ම ” මුදල් ” නම් අප එය නිවැරදිව ආයෝජනය කරන්නේ කොහොමද? එමගින් ප්‍රතිඵල ලබාගන්න අපිට මොනවද කරන්න පුළුවන් ? Smart Lady තුලින් අපි ඔබට අදහසක් දෙන්නම්.
දෛනිකව කාන්තා ඔබ අනිවාර්යයෙන් ඉටුකල යුතු වගකීම්, කාර්යන් පෙලගස්වා ගන්න.
එහි දී හැකි ඉක්මනින් නිම කල හැකිවන අයුරින් කාලය සෑම කාර්යකටම වෙන්කර ගන්න. සෑම විටම කාර්යයන් දෙකක් එකම වෙලාවක නිම කර ගැනීමෙන් කාලය ඉතිරි කරගත හැකිය.
ඔබ ලබා ගැනීමට කැමති/ලඟාකර ගැනීමට වඩාත් ආසා කරන දෙය කුඩා පොතක සටහන් කරගන්න. නිතර සිහින දකින්න.
මෙහිදී ඔබ අලුතෙන් සේවයට ගිය කාන්තාවක්, මැද පෙළ තනතුරක් දරන්නියක් මෙන්ම ප්‍රධාන තනතුරක් දරන්නියක් වෙන්නත් පුළුවන්. ඔබ තව මස 6කින් , අවුරුද්දකින් ඊ ළඟ තනතුරට, අදියරට උසස් වන්නේ කෙසේද යන්න සිහින දකින්න. ඒ සඳහා අනුගමනය කල යුත්තේ මොනවාද යන්න එහි සටහන් කරන්න.
ඔබ විවාහක නම්, ඔබේ ස්වාමිපුරුෂයාට; ඔබ අවිවාහකනම්, දෙමව්පියන්ට ඔබේ සිහිනය හා අරමුණ එක් වරක් පවසන්න.
මෙහිදී ඔබ වෙහෙසවන්නේ කුමකටද යන්න ඔවුන්ට අවබෝධයක් ලැබෙන අතර ඔබේ කටයුතු බාධා නොවී පහසුවෙන් කරගෙන යාමට එය පහසුවක් වනු ඇත.
මෙහිදී ඔබ වඩාත් දක්ෂ කුමකටද යන්න සිතන්න. එම හැකියාව යෙදවීමට ඇති අවස්ථා මොනවාද යන්න සොයන්න.
අන්තර්ජාලය ඔබට බොහෝ අවස්ථා සොයාදෙනු ඇත. එමෙන්ම එම ක්ෂේත්‍රයට අදාල රජයේ ආයතනයන්ට කථා කර තොරතුරු ලබාගන්න. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග අදහස් හුවමාරු කරගන්න. Smart Lady වෙබ් අඩවිය මගින් ඔබගේ කුසලතා තුළින් ආර්ථිකය වර්ධනය කර ගැනීමේ අවස්ථා ඉදිරියේදී ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.
ඔබට නිදහස් අවස්ථාවක් ලැබෙන සෑම අවස්ථාවකම අලුත් දෙයක් හෝ ඔබ දැනට නියුක්ත ක්ෂේත්‍රයට අදාල දේ ඉගෙන ගන්න. කාන්තා ඔබට ස්වර්ණාභරණ රැසක් පැළඳීමෙන් ලබනවාට වඩා වැඩි ආකර්ෂණයක් ලබාගැනීමට එම දැනුම ඔබට උපකාරී වේවි.මේ සඳහා කැප කරන කාලය ඔබගේ වෘත්තිමය තත්වය ඉහළ නංවා ගැනීමට වැදගත් වනු ඇත. අද උපයන අදායමට වඩා වැඩි අදායමක් ඉපැයීමට එම දැනුම, කාන්තා ඔබව ඉහළට ඔසවා තබාවි.
Smart Lady සමග Smart වන ඔබ, අදම ඔබේ ජිවිතය නව වෙනසක් වෙත රැගෙන යාමට අලුතින් හිතන්න. ඔබගේ නව අදහස් ක්‍රියාත්මක කිරීමේදී ඇති වන ගැටළු වලට විසඳුම්, අදහස් ලබා ගැනීමට අපට ලියන්න. ඉදිරියේදී ද ඔබ වඩාත් ශක්තිමත් කිරීමට අදාළ ලිපි ඔබ වෙත ගෙන ඒමට අප සුදනම්.
නිලක්ෂි
Saru FM Media