ඔබ රැකියාවක් කරන කාන්තාවක් නම් ඔබේ කාර්‍යබහුල බව ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.මෙ කාර්‍යබහුල බව එක්ක කොහොමද ඔබ ඔබේ නිවසේ කටයුතු කළමනාකරණය කරගන්නේ ? ඒ ගැන අපි කතා කරමු
කාර්‍යබහුල ඔබට දවසේ ගෙවෙන හැම විනාඩියක්ම වැදගත්.උදෑසන නිවසින් බැහැර වෙන ඔබ නැවත නිවසට එන්නෙත් වැඩ කරන්න බලාගෙනමයි. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා මේ හැම දෙයක්ම ඔබට අධික වෙහෙසක් ඇති නොවෙන විදියට කළමනාකරණය කරගන්න . ඒක කරන්නේ කොහොමද කියලා පුංචි ටිප්ස් ටිකක් අපි ඔබට දෙන්නම්
උදෑසනම අවදි වීම මගින් ඔබට ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න දිගු දවසක් උදා කර දෙනවා.ඒ වගේම වායුගෝලයේ ඇති නැවුම් බව නිසා ඔබේ දවස නැවුම්ව ආරම්භ කරන්න ඔබට හැකි වෙgනවා.කාර්‍යබහුල දවසක් ගත කරන ඔබ උදෑසනම අවදි වෙනවා නම් ඔබට සැනසිල්ලේ තේ කෝප්පයක් හො කෝපි කෝප්පයක් පානය කරමින් පොතක් කියවීමට සුලු වෙලාවක් යොදාගන්න පුලුවන් .නැතිනම් ව්‍යායාම කිරීමට , ස්වභාවධර්මය රස විඳීමට කාලය වෙන් කරන්න පුලුවන් .මෙයින් ඔබට සැනසිලිදායක හැඟීමකින් ඔබේ කාර්‍යබහුල දවස ආරම්භ කරන්න පුලුවන්
වැඩ ගොඩක් ඔබ ඔලුවේ තියාගෙන ඉන්නකොට ඔබ ඒ අතරින් වැඩක් දෙකක් මග ඇරෙන්න තියන අවස්ථාව වැඩියි. ඒ නිසා ඔබ ඔබේ දවසේ කරන්න තියන හැම වැඩක්ම සැලසුම් කරගන්න ඕනේ.මේකට ඔබට පුංචි note book එකක් එහෙමත් නැත්තම් phone එකේ තියන planning app එකක් උනත් භාවිතා කරන්න පුලුවන් .ඔබට දවස ඇතුලත කාර්‍යාලයේදි සහ නිවසේදි කරන්න තියන හැම වැඩක්ම මේ විදියට සැලසුම් කරන්න පුලුවන්
ඔබ meal plan එකක් අනුගමනය කරනවා නම් එය අනිවාර්යයෙන්ම ඔබේ කාලය ඉතිරි කිරීමක්.හැමදාම උදේට කුස්සියට ගිහින් අද දවසේ උයන්නේ මොනවද කියලා හිතමින් කාලය නාස්ති කරනවාට වඩා සතියේ දවස් හතටම එකවර meal plan එකක් තියාගන්න එක ඔබට වටිනවා.ඒ විතරක් නෙමෙයි ඔබ ගෙදරට බඩු ගන්න යන්න කලින් ඒ ප්ලෑන් එක බලනවා නම් ඔබ ගන්න ඕන බඩු මොනවද කියලා අදහසකුත් ඔබ ලබා ගන්න පුළුවන්
සතියේ දවස් වලට ඔබ කාර්‍යබහුලයි කියලා කවදාවත් ඔබේ නිවස පිරිසිදු කරන්න සති අන්තය තියා ගන්න එපා.එහෙම උනොත් වෙන්නෙ ඔබේ සති අන්තයේ පැය ගණනාවක්ම නිකරුනේ නාස්ති වෙන එක.ඒ නිසා දවසට පැය බාගයක් නිවසේ එක එක අංග පිරිසිදු කරගන්න පුළුවන් විදියට cleaning plan එකක් සකස් කරගත්තොත් deep cleaning වලට ඔබට සති අන්තයේ පැයක් හෝ දෙකක් වෙන් කිරීම ප්‍රමාණවත් වෙයි වගේම සති අන්තයේ ඔබට නිදහසේ ඉන්න වෙලාවකුත් ලැබෙයි.
ඔබ ඔබේ වැඩ සැලසුම් කරනකොට කිසිම වෙලාවක වැඩ කල් දාන්න එපා.තරමක ලොකු වැඩක් නම් එය පසුව කරන්නට කල් තබා ඔබ සුලු වැඩක යෙදුනොත් අර කල් දාපු වැඩේ ඔබට අමතක වෙලාම ගිහින් ඔබව අපහසුතාවයට පත් වෙන්න පුලුවන් . ඒ නිසා ඔබ සැලසුම් සකස් කරනකොට ඔබට තියන ප්‍රධාන වැඩ වලට ප්‍රමුඛතාවය දෙන්න අමතක කරන්න එපා
ඒ වගේම ඔබ කාර්‍යාලයේ වැඩක නිරත වෙලා ඉන්න වෙලාවට රාත්‍රී ආහාරයට හදන දේ ගැන , මාකට් ගිහින් ගන්න තියන දේවල් ගැන හිතන්න හිත යොමු කරනවා වගේ දේවල් කරන්න එපා.ඒවාත් ඔබෙ සැලසුම් සකස් කරනකොටම ඇතුලත් කරලා තියාගන්න
ඔබ වැඩ දෙක තුනක් එකට කලොත් ඔබේ කාලය ඉතිරි වෙනවා කියලා ඔබට හිතෙන්න පුලුවන් .නමුත් කිසිම වෙලාවක ඔබ ඒ වරද නම් කරන්න එපා.ඒකෙන් වෙන්නේ ඔබට එක වැඩක් වත් හරියට කරගන්න බැරි වෙන එකයි.ඔබ ඔබේ ඊමේල් එක පරික්ශා කරන ගමන් කෑම හැදීම , දරුවන්ට කවන ගමන් කාර්‍යාලයේ සටහන් පරික්ශා කිරීම හෝ ඇමතුම් වලට පිළිතුරු දීම වගේ දේවල් කරන්න එපා.ඔබේ අවධානය වෙනතකට යොමු වීමෙන් ඔබට කිසිම වැඩක් හරියාකාරව කරගන්න වෙන්නෙ නෑ.ඒ නිසා එක වෙලාවකට එක වැඩක විතරක් නිරත වෙන්න වග බලාගන්න
ඔබ කාර්‍යාලයට ගිහින් ගෙදර එනකොට කාර්‍යාලයේ බර හිස මත තියාගෙන ගෙදර එන්න එපා.ඒ වගේම කාර්‍යාලයට යනකොට දරුවන්ගේ සහ නිවසේ වගකීම් අරගෙන කාර්‍යාලයට යන්නෙත් එපා.මේ දෙකෙන්ම වෙන්නේ ඔබේ වැඩ අවුල් සහගත තත්වයකට පත් වෙන එකයි.අහම්බෙන් හෝ ඔබට කාර්‍යාලයේ අත්‍යවශ්‍යයම වැඩක් කරන්න යෙදෙනවා නම් ඒ දේවල් ඔබේ දරුවන් නින්දට ගියාට පස්සේ කරන්න අමතක කරන්න එපා.
සති අන්තය කියන්නේ ඔබට විවේක ගන්න ලැබෙන දවස් කියලා ඔබට හිතෙන්න පුලුවන් . නමුත් ඔබ සතිපතා නිවසට බඩු ගන්න කෙනෙක් නම් කාර්‍යාලය අවසන් වෙලා කලබලයෙන් සාප්පු නොයා ඒ කාර්‍යයට සති අන්තයෙ නිදහසේ වෙලාවක් වෙන් කරගන්න.ඒ කාර්‍යයට ඔබේ පවුලේ අයවත් එකතු කරගන්න.එතකොට ඒක ඔබට ඔවුන් එක්ක එළියට යන්නත් අවස්ථාවක් කරගන්න පුලුවන් . ඒ වගේම සාප්පු ගිහින් ගන්න ගෙදරට අවශ්‍ය බඩු ලැයිස්තුව කලින්ම සූදානම් කරගෙන යන්නත් මතක තියාගන්න
ඔබේ නිවස අස් කිරීම , මිදුල අතුගෑම , රෙදි වේලෙන්නට දැමීම, මල් පැල වලට වතුර දැමීම ආදි දේවල් ඔබම කල යුතුයි කියා නියමයක් නෑ.නිවසේ කරන්නට ඇති සුලු වැඩ කටයුතු ඔබට ඔබේ දරුවන්ට සහ සැමියාට පවරන්න හෝ ඔවුන් හා එක්ව කරන්නට පුලුවන් . එමගින් ඔබ හා ඔවුන් අතර තියන සහයෝගය සහ ආදරය වැඩි කරගන්නත් ඔබට පුලුවන්
ඉතින් මෙන්න මේ ටිප්ස් පාවිච්චි කරලා බැලුවොත් ඔබට ඔබේ කාර්‍යබහුල දවස හරියටම ප්‍රයෝජනවත් විදියට ගත කරන්න පුලුවන් වෙයි. මේ හැමදේම අතරතුර ඔබ වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්න එපා.
Saru FM Media