කාන්තා ඔබේ ආකර්ශනීය බව වැඩි කරන්න සරාගී රාත්‍රී නිදන ඇදුම්

0
16


ඔබ රාත්‍රියට අඳින්නේ මොන වගේ නිදන ඇඳුමක්ද කියලා ඇහුවොත් බොහෝ දෙනෙකුට දෙන්න තියන පිළිතුර සැහැල්ලු ඇඳුමක් කියන එකයි. ඇත්තටම අපිට රාත්‍රියට අවශ්‍ය බොහොම සැහැල්ලු ඇඳුමක් තමයි.ඒත් ඔබේ ජීවන රටාව වෙනස් කර ගන්න හිතුණාම ටිකක් සරාගී නිදන ඇඳුමක් ඇඳලා බලන්න කියලා අපි ඔබට යෝජනා කරනවා.

විවාහ ජීවිතේ ටික කාලයක් යනකොට ඇල් වතුර වගේ වෙන නිසාම එය පොඩ්ඩක් රත් කරලා කිරි ටිකක් සීනි ටිකක් එකතු කරන්න, පළතුරු යුෂ ටිකක් එකතු කරන්න, කෝපි ටිකක්, තේ කොළ ටිකක් එකතු කරන්න ස්මාර්ට්ලේඩි අපි ඔබට කියලා දෙනවා.සරාගී නිදන ඇඳුමත් ඔබේ වතුර වීදුරුව ස්ට්‍රෝන්ග් කොෆී එකක් නොකර ඉන්න එකක් නෑ.

ඔබේ ලිංගික ජීවිතය අලුත් කරගන්න වෙනස් කරගන්න සරාගී නිදන ඇඳුමකින් ලොකු පිටුවහලක් ලැබෙනවා.මධුසමයට වගේම සංවත්සරයක් සමරනකොට විතරක් නෙවෙයි, සති අන්තයේ එක දවසකටවත් ඔබට මේ වගේ ඇඳුමක් තෝරා ගන්න පුලුවන්නම් එය ඔබව අලුත් නොකර ඉන්නේ නෑ.

සරාගී නිදන ඇඳුමකට ඔබේ සිරුරේ හැඩය මතු කරන්න පුලුවන්. මේ ඇඳුම් කාණ්ඩය Lingerie කියලා හැඳින්වුවොත් නම් එයට සරාගී යට ඇඳුම් ද අයිති වෙනවා.

මධුසමය සඳහා
සහකාරයාගේ සරාගී සිතුවිලි අවදි කරන්න
ඔබේ සිරුරේ හැඩය සහ සරාගී බව ඉස්මතු කරන්න

තමයි මේ ඇඳුම් ඔබට උපකාරී වෙන්නේ.

මේවා විවිධ කැටගරිවලින් ලබා ගන්න පුලුවන් නිසා ඇත්තටම දෙන්නාම කැමති ඇඳුමක් තෝරා ගැනීමෙන් ඔබේ අපේක්ෂා පහසුවෙන් ඉටු කර ගන්න පුලුවන්.

මේ වගේ සරාගී යට ඇඳුම් මිලට ගන්න අපිට පුලුවන් ස්ථාන විදියට සුපිරි නිමි ඇඳුම්හල් සහ යට ඇඳුම් සහ නිදන ඇඳුම් සම්බන්ධ ප්‍රසිද්ධ අලෙවි ආයතන තියෙනවා.ඔන්ලයින් ඕඩර් කරනවා නම් ඔබ සිරුරේ නිවැරදි ප්‍රමාණයම තෝරාගන්න. ඒ වගේම මේ ඇඳුම් ඔබට මධු සමයට යන මිතුරියකට එහෙමත් තෑගි කරන්න පුලුවන්

මේ ඇඳුම් බොහෝ විට නිෂ්පාදනය වෙන්නේ රෝස, රතු සහ කළු වර්ණයෙන්.වෙනත් වර්ණ වලින්ද නිපදවන ඇඳුම් තිබුණත් සරාගී බව සම්බන්ධයෙන් නම් වඩා මෙහෙයක් කරන්නේ මේ පාට තුන කියලා මතක තියා ගන්න.

සිහින් අත් පටි සහිත මේ ගවුම තරමක් කොට එකක්.ඔබට බෝනික්කෙක්ගේ පෙනුමක් මේ ගවුමෙන් ලබා ගන්න පුලුවන්.

දිගු නමුත් විනිවිද පෙනෙන නයිට් ගවුමක්.ඔබට මෙයට G-string / thong වැනි සරාගී යට ඇඳුමක් අඳින්න පුලුවන්.

සැටින් රෙද්දෙන් මැසූ කෙටි නයිටියක් සහ robe එකක් ඔබට බොහොම සරාගී පෙනුමක් ලබා දෙනවාට සැක නැහැ. Robe එක ඔබ හැමවිටම පැලඳ සිටිය යුතු වන්නේ නැහැ.රොබ් එක කියන්නේ දුහුල් රෙද්දකින් මැසූ ඇඟ වැහෙන්න අඳින ඒත් ඉදිරිපසින් විවෘත ගැටගැසිය හැකි ඇඳුමක්.

කෙටි හෝ දිගු නයිට් ගවුමක්, ඕවර් කෝට් එකක් සහ එයට ගැලපෙන සේ සැකසූ සරාගී යට ඇඳුම් සහිත සෙට් එකක් ලෙස ඔබට මෙය මිලදී ගන්න පුලුවන්.

මේ වගේ නයිට් ඩ්‍රෙස් එකක් ඔබට ගැළපෙන විදියට තෝරාගෙන අපි ස්මාර්ට් රිලේෂන්ශිප් ලිපි මාලාවෙන් ඔබට මතක් කළා වගේ සරාගී රාත්‍රියක් ගත කරන්න ඔබට පුලුවන්

ජීවිතය විවිධ ආකාරයෙන් අලුත් සහ වෙනස් වෙන්න ඕනෑ.විවාහ ජීවිතයකට වර්ණ තවරන්න සරාගී නිදන ඇඳුමකට වුණත් හැකියාව තියනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here