කාන්තාවන් රවටා මුදල් වංචාකළ දෙදෙනෙකු අත්අඩංගුවට

0
4

මුදල් වංචා කිරීම් දෙකකට සම්බන්ධ බවට සැකපිට සැකකාරියක් හා සැකකරුවෙකු වයඹ පළාත් පරිඝණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගත හැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරියක් රවටා, වංචා කරන ලද මුදල් රුපියල් ලක්ෂ 31ක (3,141,967) මුදලින් සැකකාරියගේ නමින් ඇති ගිණුමකට රුපියල් ලක්ෂ 2ක මුදලක් වංචනිකව බැර කර, එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවිකර වංචාවක් සිදු කර ඇති බවට එක් පැමිණිල්ලක මත සිදුකළ  විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අනෙක් පැමිණිල්ලේ අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරිය රවටා වංචා කරන ලද මුදල් රුපියල් ලක්ෂ 31ක (3,141,967) මුදලින් සැකකරුගේ නමින් ඇති ගිණුමකට රුපියල් ලක්ෂ 2ක (233,522) මුදලක් වංචනිකව බැර කර එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර වංචාවක් සිදු කර ඇති බවටත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් වයස අවුරුදු 33ක් වන ගාල්ල ප්‍රදේශයේ පදිංචි සැකකාරියක් හා වයස අවුරුදු 36ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here