කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට අගමැතිනිය අද චීනයට

0
7

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට අගමැතිනිය අද චීනයට

චීනයේ බීජිං හි පැවැත්වෙන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” ට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(11) රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව අග්‍රාමාත්‍යතුමිය මෙසේ චීනය බලා පිටත් වන අතර . එළැඹෙන ඔක්තෝබර් 12 වනදා සිට 15 වනදා දක්වා අග්‍රාමාත්‍යතුමිය චීනයේ සංචාරය කිරීමට නියමිතයි.

එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් චීන රජය සහ බීජිං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන “එක් අනාගතයක්: කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතයි.

මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැo මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යතුමිය සහභාගී වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here