කාන්තාවන් අතර ජනප්‍රියම හෑන්ඩ්ලූම් සාරි විලාසිතා ගැන දැන ගනිමු.

0
4

සාරි විලාසිතා අතර දැන් හෑන්ඩ්ලූම් සාරියට බොහොම ලොකු ඉඩක් ලැබිලා. වෙනත් රටවල නිෂ්පාදිත සාරි සහ වෙනත් රෙදි වර්ගවල සාරි වෙනුවට බොහොමයක් කාන්තාවන් හෑන්ඩ්ලූම් සාරිවලට බොහොම කැමැත්තක් දක්වනවා.

හෑන්ඩ්ලුම් සාරි ගැන පැච් පොයින්ට් සාරි විලාසිතා හඳුන්වා දුන් චාන්දනී රාජපක්ෂ මහත්මියගෙන් ඔබට විස්තර ගෙන එන්න අපි හිතුවා. මේ ඇය සමඟ සාකච්ඡාවේදි අපිට ලැබුන තොරතුරුයි.

ඕනෑම අවස්ථාවකට ගලපගන්න පුලුවන්.

හෑන්ඩ්ලූම් සාරි සාමාන්‍යයෙන් අඳින්නේ කාර්යාලයට සහ සාමාන්‍ය ගමනට බිමනට කියලා ඔබ හිතුවත් මෙය උත්සව අවස්ථා වෙනුවෙන් අදින්න බොහෝ දෙනෙක් මේ වන විට පෙළඹිලා.

ඒ විතරක් නෙවෙයි ඔබ මනාලියක් වන දවසට වුණත් අඳින්න ලස්සන මංගල සාරියක් ලෙස මේ සාරි දැන් සකසා ගන්න පුලුවන්. ඔබ මනාලියක් වෙද්දී හෝ උත්සවයක් වෙනුවෙන් සැරසෙන විට ඉතා ඉහළ මිලකට වෙනත් රටකට දී නිම වූ සාරියක් මිලට ගන්න හුරු වෙලා ඇති. 

නමුත් බොහෝ දෙනෙක් අදින විදේශීය හෝ වෙනත් සාරියකින් හැඩවෙනවාට වඩා හෑන්ඩ්ලූම් සාරියකින් හැඩවුනොත් ඔබ අනෙක් අය අතර සුවිශේෂීව කැපී පෙනෙනවා.හොඳ ඩිසයිනර් කෙනෙක් සමඟ එකතු වෙලා හෑන්ඩ්ලුම් සාරියක් නිර්මාණය කරගෙන විශේෂිත අවස්ථා වලට ගලපා ගන්න දැන් ඔබට පුලුවන්.

ඉතාම විචිත්‍රවත් ලෙස නිර්මාණශීලීව සකසා ගන්න පුලුවන් 

හෑන්ඩ්ලූම් සාරි එකම විලාසිතාවක් සහිත රෙදි වූයේ අතීතයේ. 

දැන් නූල් වර්ග කිහිපයක් භාවිතා කිරීම,ලී පබළු,පොල් කටු බොත්තම් සහ කුඩා සිප්පි කටු වලින් ඒවා අලංකාර කිරීම වැනි විවිධ අලුත් ප්‍රවණතා සහිතව හෑන්ඩ්ලුම් සාරි විලාසිතා දියුණුවට පත් වී තිබෙනවා. 

ඒ නිසා දැන් ඔබ මිලදී ගන්න සමහර සාරි විලාසිතාව ඔබට පමණක් අනන්‍ය වූ එකක් ලෙසම සකසා ගන්නත් ඔබට පුලුවන්. 

පැච් පොයින්ට් යටතේ හැඩ ගන්වන සාරි වල ඒ විලාසිතා ගැලවී යයි කියලා ඔබ බියට පත් විය යුතු නැහැ. සමහර සාරි ගෝනි නූලෙන් පවා අපූර්ව ලෙස වර්ක් කර තිබෙනවා.

වැඩි කාලයක් සාරියක් පාවිච්චි කරන්න නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න

හෑන්ඩ්ලූම් සාරි සේදීමේ දී වොෂින් මැෂින් භාවිතා කරන්න එපා.වඩාත්ම සුදුසු වන්නේ අතින් සෝදා ගැනීමයි.

 ඒ වගේම රෙද්ද තදින් මිරිකා වතුර ඉවත් කරන්න එපා. 

 සාරිය මදින විටත් එය උඩින් තුනී රෙද්දක් එලා මැදීම සුදුසුයි. එවිට එහි ඇති වැඩ දැමූ තැන් වලට හානි වන්නේ නැහැ.

ඔබේ සිරුරේ හැඩය අනුව තෝරාගන්නෙ මෙහෙමයි 

ඔබට තරමක් මහත සිරුරක් ඇත්නම් හෑන්ඩ්ලූම් සාරි තෝරා ගන්නා විට දිගු ඉරි රටා සහිත කළු, දුඹුරු වැනි පාට සාරි තෝරා ගන්න. කෙට්ටු කෙනෙක් නම් මෝස්තරය විශාල එකක් තෝරා ගන්න.

මංගල සාරියක් තෝරා ගන්නා විට

මනාලියක් ලෙස හෑන්ඩ්ලූම් සාරියක් තෝරා ගන්නවා නම් බීරලු සහ රේන්ද සහිත රිදී හෝ රන් පැහැ නූල් වලින් නිර්මාණය වූ සාරි තෝරා ගන්න පුලුවන්.

 ඒ වගේම හංස පූට්ටු, ලිය වැල් ආදියෙන් ඔබේ මංගල සාරිය හැඩ දමන්න පුලුවන්.

හොඳ ඉල්ලුමක් සහිත ස්වයං රැකියාවක් 

හෑන්ඩ්ලූම් සාරි විලාසිතා මේ වෙනකොට රටේ සීග්‍රයෙන් වර්ධනය වන විලාසිතාවක්. 

ඔබ මේ ගැන ඉගෙන ගන්න කැමතිනම් ඔබට ඒ සඳහා වැඩමුළු සහ පන්තිවලට යොමු වෙන්නත් පුලුවන්. 

හරියට ඉගෙන ගෙන ලස්සනට කළොත් හෑන්ඩ්ලූම් කියන්නේ හොඳ ආදායම් මාර්ගයක්. ස්මාර්ට් ව්‍යවසායිකාවක් වෙන්න අපූරු පාරක්.

දේශිය කර්මාන්ත කෙරෙහි රජයේ අවධානයත් වැඩියෙන් යොමු වෙන කාලයක හෑන්ඩ්ලූම් සාරි විලාසිතා නිර්මාණයට යොමු වෙන්න කැමති නම් දෙවතාවක් හිතන්න එපා.

ඒ වගේම මේ විලාසිතාව ඔබේ සාරි එකතුවට එක් කර ගන්නත් අමතක කරන්න එපා.

තොරතුරු සැපයීම චාන්දනී රාජපක්ෂ මහත්මිය – +94 77 944 7131
පැච් පොයින්ට් ඉගෙනීමට කැමති නම් ඇයට කතා කරන්න

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here