බොහෝ කාන්තාවන් යෝනි ප්‍රදේශය ආශ්‍රිත ආසාදන නිසා ඉතාමත් අපහසුවෙන් සිටිනවා. වෛද්‍යවරයකු හමු වීමට තිබෙන ලැජ්ජාව ,රෝග ය පිළිබඳව නොදන්නා කම ආදිය ද එයට හේතු වෙනවා.ඉතින් කාන්තාවක ලෙස ඔබ මේ ගැන දැනගෙන සිටිය යුතුමයි.
මේ ලිපිය තුලින් කාන්තාවන් අතර පවතින බහුලම ආසාදන තත්වයන් කිහිපයක් හා ඒ නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන දැනුවත් කෙරෙනවා.
මෙය ඉතා සුලබ රෝග තත්වයක්. කාන්තාවන්ගෙන් 75%කටම කෙදිනක හෝ මෙම ආසාදන තත්වය ඇතිවෙන්න ඉඩ කඩ තියෙනවා.ඒ ඕනෑම වයසකදී දිලීර ආසාදන තත්වයන් ඇතිවිය හැකි නිසා. මෙම ආසාදනයට හේතු වෙන්නේ මේ නමින් හඳුන්වන යීස්ට් වර්ගයට අයත් දිලීරයක්.
1.යෝනි මාර්ගයෙන් කිරි පැහැති ඝනකම් ස්‍රාවයක් පිටවීම
2.ඒ අවට කැසීමක් දැවිල්ලක් ඇතිවීම
3.ලිංගික එක්වීමේදී සුළු වේදනාවක් ඇති වීම.
මෙවැනි රෝග ලක්ෂණ ඇති වූ විට පරීක්ෂාවකින් තොරවම මෙම රෝග තත්වය හඳුනා ගන්න ට වෛද්‍ය වරයෙකුට හැකියාව තිබෙනවා .
1.දියවැඩියාව
2.ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙන HIV වැනි රෝග තත්වයන්
නමුත් මේ කිසිම අවදානම් තත්වයක් නොමැතිවත් මෙම ආසාදනය ඕනෑම කාන්තාවකට ඇති වෙන්න පුළුවන්.
ඔබට මෙවැනි ආසාදන තත්වයක් ඇති නම් වෛද්‍ය උපදෙස් අනුව දිලීර නාශක ඖෂධ වර්ගයක් ලබා ගන්න පුළුවන්. මෙම ඖෂධ ගිලින පෙති,යෝනි මාර්ගය තුලින් ඇතුළු කරන පෙති, සහ ආලේපන වර්ග විදියට ලබා ගන්න පුළුවන්. ඉන් ඔබට වඩාත් සුදුසු ඖෂධය වෛද්‍ය වරයා නිර්දේශ කරනවා. ඖෂධ ලබා ගැනීමේදී නිර්දේශ කල සම්පූර්ණ කාල සීමාවම ඖෂධ ලබා ගැනීම ඉතාමත්ම වැදගත් . එසේ නොමැති නම් යෝනි මාර්ගය තුල දිලීර ඉතිරිව තිබී ඉක්මණින් නැවත ආසාදන තත්වය ඇතිවීමට සේම ඖෂධ වලින් පාලනය කිරීම අපහසු වීමේත් අවදානමක් තිබෙනවා.
1)ලිංගේන්ද්‍රිය සහ ඉකිලි ප්‍රදේශයේ කැසීම
2) ඒ අවට ප්‍රදේශය දැවිල්ල
මේ රෝග තත්වයත් බොහෝ කාන්තාවන් පීඩා විඳින තත්වයක්. නමුත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ ඉතාම කුඩා ප්‍රතිශතයක් පමණයි.
1.අසාත්මිකතා ( Allergies )
2.විෂබීජ ආසාදන
3.චර්ම රෝග
3.පූර්ව පිළිකා තත්ව
සමහර කාන්තාවන් මෙම තත්වය දිගටම පැවතීම නිසා දැඩි මානසික පීඩාවකට පවා ගොදුරු වෙනවා. ඇතැම් විට එය විෂාදය දක්වා වුවද වර්ධනය විය හැකිය. මේ නිසා මෙවැනි තත්වයකින් පීඩා නොවිද ඉක්මනින් වෙද්‍යවරයෙක් වෙත යොමු වීම ඉතා වැදගත්.
මේ රෝගය යෝනි මාර්ගයේ බැක්ටීරියා සංයුතිය වෙනස් වීම නිසා ඇතිවන්නක්.මෙයද කාන්තාවන් අතර බහුලව දකින්නට පුලුවන්.වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නියම කරනු ලබන ප්‍රතිජීවක ඖෂධ මඟින් මෙය සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා.
විෂබීජ ආසාදන, චර්ම රෝග මෙන්ම පූර්ව පිළිකා තත්වයිනුත් මෙයට හේතු වෙනවා. නමුත් බහුලවම තිබෙන්නේ අසාත්මිකතා සහ ආසාදන තත්ත්වයි.
එතරම් බහුල නොවන ආසාදන අතර, ඉකිලි වල ඇතිවන දිලීර ආසාදන නොහොත් ටීනියා සහ හර්පීස් වැනි ලිංගාශ්‍රිත රෝග හඳුන්වන්න පුළුවන්. මෙම රෝග හඳුනා ගත හැක්කේ පළපුරුදු වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. අදාල ප්‍රතිජීවක මඟින් ආසාදන නිට්ටාවටම සුව කරන්න පුළුවන්.
මෙය චර්ම රෝගයක්. එහිදී ලිංගාශ්‍රිත සම ඝන වීම සහ කැසීම සිදුවනවා. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතියයෙන් නිපදවන අහිතකර ප්‍රතිදේහ නිසා ඇතිවන තත්වය ක්. ( Autoimmune disease ) මේ සඳහා ප්‍රතිකාර ලෙස ආලේපන වර්ග තියෙනවා . ඒවා වෛද්‍ය උපදෙස් මත භාවිතා කල යුතුයි.මෙම රෝගයට නිවැරදිව ප්‍රතිකාර කල යුතු වන්නේ කල් ගත වුව හොත් පිලිකා තත්වයන් පවා ඇතිවීමට ඉඩ ඇති බැවින්.
මීට අමතරව ලිංගාශ්‍රිත ප්‍රදේශ වල ඇතිවන සාමාන්‍ය කැසීම හා දැවිල්ල තත්වයන් බහුලව ඇතිවීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනව
• නයිලෝන් යට ඇඳුම් ඇදීම
• සබන් ෂැම්පු වර්ග අධිකව පාවිච්චිය
• යෝනි ප්‍රදේශයේ රෝම ඉවත් කිරීමෙන් පසුව නිසි පරිදි විෂබීජ නාශක හා අවශ්‍ය ආලේප භාවිතා නොකිරීම
එමෙන්ම මේ හේතුන් නිසා වෙනත් ආබාධ මත ඇතිවන කැසීම හෝ දැවිල්ල උත්සන්න වෙන්න පුළුවන්.
අපිරිසිදු බව හා යෝනි මාර්ගය අවට පෙදෙස පිරිසිදුව තබා නොගැනීම
මුත්‍රා ආසාදන
දියවැඩියාව
Saru FM Media